ෆීජි දූපත් අගමැති සිචිවේනි රම්බූකා යගුලිය විසි කිරීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඕෂනියා මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වූ අගමැතිවරයා එහිදී මීටර් 7.09ක දක්ෂතාවක් සමඟ මේ පදක්කම දිනාගෙන ඇත.
රටවල් 14ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන මේ තරගාවලියේදී 75 හැවිරිදි ෆීජි අගමැතිවරයා අවුරුදු 65ට වැඩි වයස් කාණ්ඩයෙන් තරග බිමට පිවිස තිබේ.
සමස්ත කාණ්ඩයෙන් අට වැනි ස්ථානයට පත්වූ ඔහුගේ දක්ෂතාව හේතුවෙන් අවුරුදු 75 – 79 උප කාණ්ඩය නියෝජනය කළ සිව්දෙනාගෙන් තෙවැනි ස්ථානයට පත්විය.
අවුරුදු 75ට වැඩි වයස් කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීම ඉසව්වේ හය වැනි ස්ථානයට පත්වීමට සිචිවේනි රම්බූකා 1974දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට එක්වූ ෆීජි ජාතික කණ්ඩායම ද නියෝජනය කර තිබේ.
The post යගුලිය විසි කිරීමෙන් ෆිජී අගමැතිට ලෝකඩ පදක්කමක් appeared first on දිනමිණ.