නිව්යෝර්ක් නුවර පෙරේදා පැවැති ඉන්දියා-පාකිස්තාන තරගයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි රුකවල් යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝර්ක් නගරයේ පමණක් නොව එක්සත් ජනපද දේශසීමා ඔස්සේද ඔත්තු බැලීම වැඩි කොට ඇත.
අහස උසට ප්‍රවේශපත්‍ර මිල ගණන් තිබියදීත්, ආධාරකරුවන් නස්සාවූ ක්‍රිකට් පිටියේ ආසන 30,000 පිරී ගොස් තිබිණි. නස්සාවූ ප්‍රාන්ත පොලිසිය ඉල්ලා දැනුම්දී ඇත්තේ අමෙරිකා ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාදෙන ආරක්ෂාව හා සමාන ලෙස ආරක්ෂක පියවර ගෙන ඇති බවයි. ක්‍රීඩාංගණයට ඇතුළු වන මාර්ගය සහ මුළු ක්‍රීඩා ප්රේක්ෂකාගාර කැමරාවලින් ආවරණය කර ඇත. මෙම තරගයෙන් ලකුණු 6ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 19කදී ලකුණු 119ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය පාකිස්තානයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 113ක් පමණි. පාකිස්තාන කඩුලු 3ක් ලකුණු 14කට බිඳහෙළූ ජස්ප්‍රිත් බුම්රා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
The post ඉන්දියා-පාකිස්තාන තරගයට ජෝ බයිඩන්ගේ ආරක්ෂාවක් appeared first on දිනමිණ.