කොළඹ සිටිලීග් පිටිය හයිබ්‍රිඩ් පාපන්දු ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වෙයි. විදුලි ආලෝක ධාරා පද්ධතියක් ද සමඟ රුපියල් කෝටි 2ක වියදමින් සිටිලීග් පිටිය සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිවහනේදී පෙරේදා පැවැති සිටි පාපන්දු ලීගයේ නිලවරණයේදී ඒ මහතා මේ බව පැවැසීය. වසර 20කට අධික කාලයක් සිටි පාපන්දු ලීගයේ සභාපති ලෙස කටයුතු කළ ආර්. පුවනේන්ද්‍රන් මහතා මෙවර පෞද්ගලික හේතුමත කිසිදු තනතුරකට ඉදිරිපත් නොවුණි. ශ්‍රී ලංකාවේ ප්රබලතම ක්රියාකාරීත්වයක් ඇතිව සිටි පාපන්දු ලීගයේ සභාපති තනතුරට වික්ටරි ක්‍රීඩා සමාජයේ සබීර් රහීම් මහතා තේරී පත්විය.
සිටි පාපන්දු ලීගයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය: සභාපති – ෂබීර් රහීම් (වික්ටරි) ලේකම් – ඇන්ටන් ජෝයී (කුරේ), භාණ්ඩාගාරික – මැක්සි ලේට්ට්රාන් (ජාවාලේන්), නියෝජ්‍ය සභාපති – නීතිඥ සමන්ත ජේ. පීරිස් (මොරගස්මුල්ල), උප සභාපතිවරු – සුමිත් වල්පොල (සෝන්ඩර්ස්), මහේෂ් දුෂාන්ත (මාලිගාවත්ත), ඉර්ෂාඩ් ෆාරුක් (කිරුළ), පියල් ජයශාන්ත (වයිකින්ස්), එම්. ෆර්සාන් (යංග් සිල්වර්), උප ලේකම් – මහින්ද පෙරේරා (ජාවාලේන්), උප භාණ්ඩාගාරික – සමීර ප්‍රනාන්දු (රුද්‍රා), ක්‍රීඩා පිටි ලේකම් – නෙල්සන් ඇලේක්ස්න්ඩර් (සේවයිලන්)
The post සිටිලීග් පිටිය කෝටි 2ක වියදමින් සංවර්ධනය වෙයි appeared first on දිනමිණ.