විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග තෙවැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගන් ක්‍රීඩක මොහොමඩ් නබි තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ස්ථාන 2ක් ඉදිරියට එමිනි. ඉහළින්ම සිටි බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ස්ථාන 4කින් පහත වැටී 5 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස් ස්ථාන 3ක් ඉදිරියට පැමිණි දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටී.
ශ්‍රී ලංකා පිල සහභාගිවූ තරග ද්විත්වයේදී පිතිකරණයෙන් දස්කම් දැක්වීමට අසමත් වූ වනිඳු හසරංග පළමු තරගයේදී පන්දු 2කටත්, දෙවැනි තරගයේදී එක් පන්දුවකටත් මුහුණ දෙමින් ලකුණු නොලබා දැවී ගියේය. ඒ හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ ඔහු පහත වැටුණත් තරග දෙකේදී කඩුලු 4ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය රැකගැනීමට සමත්ව සිටී. මහීෂ් තීක්ෂණ කඩුලු දවා ගැනීමට අසමත් වීමෙන් 6 වැනි ස්ථානයේ සිට ස්ථාන 3ක් පහත බැසීමට සිදුව තිබේ. ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් (3), දකුණු අප්‍රිකාවේ ඇන්රිච් නොර්ට්ජේ (4) සහ ඇෆ්ගනිස්තානය ෆසල්හක් ෆාරුකි සම සිවුවැනි ස්ථානවලට පත්ව තිබේ.
නිරෝෂාන් ප්‍රියංකර
The post වනිඳු පහළ බසී appeared first on දිනමිණ.