ශ්රී ලංකා අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන සත්කාරක සංචිතයට රොකී ෆ්ලින්ටොෆ් නම් කර තිබේ.
ඔහු හිටපු එංගලන්ත තුන්ඉරියව් ක්රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්රයෙකි. මේ වන විට 16 හැවිරිදි වියේ පසුවන ඔහු ලැන්කෂ්යර් දෙවැනි පෙළ කණ්ඩායමේ දකුණත් පිතිකරුවකු සහ දකුණත් මද වේග පන්දු යවන්නකු ලෙස ක්රීඩා කරයි.
16 දෙනකුගෙන් සමන්විතව ශ්රී ලංකා යොවුන් පිලට එරෙහිව නම් කර ඇති මේ සංචිතයේ නායකයා ලෙස ලූක් බෙන්කන්ස්ටයින් නම් කර ඇති අතර ඔහු හිටපු දකුණු අප්රිකානු පිතිකරු සහ වත්මන් ලැන්කෂයර් ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඩේල් බෙන්කන්ස්ටයින්ගේ පුත්රයෙකි.
එංගලන්ත ජාතික කණ්ඩායමේ රෙහාන් අහමඩ්ගේ බාල සොහොයුරා වන ඕෆ්ස්පිනර් ෆර්හාන් අහමඩ් ද මේ සංචිතට ඇතුළත්ව සිටින අතර මේ වසර මුල දකුණු අප්රිකාවේ පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට ක්රීඩා කළ ක්රීඩකයන් 9 දෙනෙකුම ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
ශ්රී ලංකා – එංගලන්ත යොවුන් එක්දින තරගාවලිය මේ මස 28, ජූලි 1 සහ 3 දිනවල පැවැත්වේ.
The post ශ්රී ලංකාවට එරෙහි යොවුන් එක්දින තරගාවලියට රොකී ෆ්ලින්ටොෆ් කැඳවයි appeared first on දිනමිණ.