හතළිස්අට වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කායවර්ධන අංශයේ බස්නාහිර පළාත් තරගාවලිය කොළඹ නාඩා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. එහිදී ලේක්හවුස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 70-75 බර පන්තිය යටතේ තරග වැදුණු ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ සේවය කරන එල්.පී.අයි. උදය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ සියලු බර පන්ති යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් තරග වැදුනහ.
The post ලේක්හවුස් උදයට බස්නාහිර පළාතේ රන් පදක්කමක් appeared first on දිනමිණ.