එක්තරා සුඵ පිරිසක් හසුරුවන සමාජ මාධ්‍ය බලන්නේ නැතිනම් ක්‍රිකට් ක්‍රීඩකයින්ට යහපතක් සිදුවන බවත්, එම ඇතැම් සුඵ පිරිස සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් අතර තරහක් මෙන්ම වෛරයක් ගොඬනඟන බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංග ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. කෙසේ වුවද තවමත් ජය පරාජය යන අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සිටින ප්‍රේක්ෂක ජනතාවට තමන් හිස නමා ආචාර කරන බව ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායකයා පැවැසීය.
බටහිර ඉන්දීය කොදෙව්හි සාන්ත ලුසියා හි ඩැරන් සැමී ක්‍රිඩාංගණයේ පැවති නෙදර්ලන්තයට එරෙහි තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග මේ බව පැවැසීය. නෙදර්ලන්තයට එරෙහි තරගය ජය ගනිද්දී ප්‍රමාද වැඩි බව වනිඳු සඳහන් කළේය.
“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක් දෙනවා. තරග ජය පරාජයේදී ප්‍රේක්ෂකයින් අප සමඟ ඉන්නවා. සමාජ මාධ්‍ය හසුරවන්නේ එක්තරා සුළු පිරිසක්. ප්‍රේක්ෂකයින් හා අප අතරේ තරහක් වෛරයක් ගොඩනගන්නයි ඔවුන් කටයුතු කරන්නේ. ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයෝ අදත් ජය පරාජයේදී අප සමඟ ඉන්නවා. ඒ අතින් අප වාසනාවන්තයි“
“ ක්‍රිකට් ආයතනයට ස්තූති වන්ත විය යුතුයි. අපව කලින් අමෙරිකාවට ගෙනත් පුහුණු සැසි ලබාදීම සම්බන්ධව. පුහුණු වූ ස්ථානවලින් වෙන තැනකට ගියාම විකට් වෙනස්. තණතිල්ලෙන් තණතිල්ලට වෙනස්. මේ පරාජය පිළිබඳ අපි කනගාටු වෙනවා. කණ්ඩායමක් විදියට සහ නායකයෙක් විදියට පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා“ වනිඳු පැවැසීය.
“අවාසනාවකට අපේ පළමු තරගය නිව්යෝර්ක්වල තිබ්බා ඒක සාර්ථක වුණේ නෑ. ඊට පස්සේ අපි ඊළඟ තරගයට ඩලස් වලට ගියා. එතනත් තණතීරුවට හැඩ ගැහෙන්න බැරි උනා. තරගයක් පැරදුණාම තණතීරුවලට බනින්න, කතන්දර හදන්න පුළුවන්. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් විදියට ඒක හොඳ නැති දෙයක්. අනිත් රටවල් ඔක්කොම එකම තණතීරුවල ක්‍රීඩා කරන නිසා අපිත් ඒකට හැඬ ගැහෙන්න ඕන. තණතිලිවලට අපි හැඩ ගැහුණේ නෑ. හැම කණ්ඩායමක්ම ක්‍රීඩා කරන්නේ එකම තණතිල්ලක“
“ අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි. අත්දැකීම් තියෙන දක්ෂ පන්දු යවන්නන් සිටිනවා. ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ. අපි හැමදාම කතා කරනවා ගොඩක් වැරදි කරනවා කියලා. නමුත් අපි බලන්න ඕනේ ඒ වැරදි හදාගන්න. නායකයා විදිහට කනගාටුයි. තවමත් ඒ වැරදි හදාගෙන නෑ. කලින් පැවැති ලෝක කුසලානයේදී හා මේ ලෝක කුසලානයේදී වැරදි හදා ගැනීම කතා කළත් අපි බැලිය යුතුයි ඒවා හදා ගත්තද කියලා. ජාත්‍යන්තර කණ්ඩායමක් ලෙස වැරදි ඉක්මණින් හදාගත යුතුයි“ වනිඳු හසරංග පැවැසීය.
ප්‍රින්ස් ගුණසේකර
The post පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා – නායක වනිඳු හසරංග appeared first on දිනමිණ.