අසූහතරවැනි පොලිස් අන්තර් පළාත් මලල ක්‍රීඩා උලෙළට සමගාමීව වයඹ පළාතේ කොට්ඨාස අතර පැවති මලල ක්‍රීඩා උලෙළේදී ලකුණු 378ක් ලබා ගනිමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල පොලිස් කොට්ඨාසය සමත් විය.
කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියේ අනුශූරතාව ලකුණු 149ක් ලබාගත් කුලියාපිටිය කොට්ඨාසයට හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (71980) ආර්.එම්.ආර්. බණ්ඩාර සම්මාන ලැබූ අතර, එම කණ්ඩායමේ කාන්තා පොලිස් සැරයන් (5828) ස්වර්ණලතා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
මේ තරගාවලියට වයඹ පළාතේ කුරුණෑගල, නිකවැරටිය, කුලියාපිටිය, පුත්තලම සහ හලාවත යන කොට්ඨාස පහක පොලිස් ස්ථාන 69ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් තරගාවලිය සංවිධාන කර තිබිණි.
The post වයඹ පළාත් පොලිස් මලල ක්‍රීඩා ශූරතාව කුරුණෑගලට appeared first on දිනමිණ.