තවත් දින 7කින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී – ලව් කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය අහෝසි කිරීමට තරගාවලි සංවිධායකයෝ තීරණය කරති.
ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන්, එලෙස හිමිකාරිත්වය අහෝසි කිරීමට තීරණය කොට ඇත්තේ බී – ලව් කැන්ඩි අයිතිකරුවන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම හේතුවෙනි.
ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයන් ලබන 1 දා ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි සංස්කරණය සඳහා බී – ලව් කැන්ඩි කණ්ඩායමට නව හිමිකරුවකු සොයමින් සිටී. නව හිමිකරුවකු සොයාගත නොහැකි වුවහොත්, එල්පීඑල් සංවිධායකයන් විසින්ම කණ්ඩායමේ වගකීම භාර ගැනීමට තීරණය කොට ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි පදනම් කරගත් ‘ක්‍රිප්ටෝ කරන්සි’ නම් වූ ව්‍යාපාරයක් බී – ලව් කැන්ඩි හිමිකරු පවත්වාගෙන යන බවත් අන්තර්ජාලය හරහා විදේශ විනිමය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී වන බවත් සඳහන් වේ. අවසන් වරට පසුගිය වසරේ පැවති තරගාවලියේදී ක්‍රීඩක ගාස්තු සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්න කිහිපයක් හා තරු පහේ හෝටලයක නොගෙවූ බිල්පත් ඇතුළු ගිවිසුම් කඩ කිරීම් බී – ලව් කැන්ඩි අයිතිකරුවන් වෙතින් වාර්තාවී තිබිණි.
වත්මන් ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංගගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන බී – ලව් කැන්ඩි කණ්ඩායම පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදල දිනා ගැනීමට සමත් වූවේය.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85000කට (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයකට) බී – ලව් කැන්ඩි පිල මිල දී ගත් අතර, එය එල්පීඑල් තරගාවලියේ තෙවැනි වැඩිම මුදලට මිල දී ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා විය. එමෙන්ම දිනේෂ් චන්දිමාල්, කසුන් රජිත, රමේෂ් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයන් ද බී – ලව් කැන්ඩි පිල ක්‍රීඩක වෙන්දේසියේදී මිල දී ගත්හ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ හිමිකාරීත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තේය. තමීම් රහ්මාන් සමඟ ඇතිකරගත් සියලු ගිවිසුම් අවලංගු කළ අතර, ඒ වෙනුවෙන් තරගාවලිය සංවිධාන කරන අයිපීජී හෙවත් ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෲප් සමාගම නව හිමිකාරීත්වයක් පිළිබඳ අවධානය යොමු කළේය. ඒ ආකාරයෙන්ම බී – ලව් කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය ඉදිරියේදී තීරණය වනු ඇත.
ප්‍රින්ස් ගුණසේකර
The post බී-ලව් කැන්ඩි හිමිකාරිත්වය අහෝසි කරයි appeared first on දිනමිණ.