විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර අහිමිවීමට ගිය ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ලබන අගෝස්තු මාසයේ පැවැත්වෙන එංගලන්ත සංචාරය දක්වා සේවා දිගුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවය එංගලන්තයේ පැවැත්වෙන එම ක්‍රිකට් සංචාරයේදී විශේෂ වැදගත්කමක් ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ. එබැවින් ළඟ එන ඉන්දීය සංචාරයේදී හා එංගලන්ත සංචාරයේදී සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරේ කටයුතු කරනු ඇත.
එක්දින තරග 3කින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලිය ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, ටෙස්ට් තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය අගෝස්තු මාසයේ එංගලන්තයේදී පැවැත්වේ.
ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවා කාලය පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු අවසන්වීමට නියමිත වුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා දීර්ඝ කළේය.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් මහතා 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් 14 දිනෙන් අවසන් වීමට නියමිතව තිබියදී සේවා දිගුවක් ලබා දුන්නේය.
ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ වසර 2කට වැඩි කාලය දෙස ආපසු හැරී බලන විට ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ කණ්ඩායම ඩුබායි හි පැවැති ආසියානු කුසලාන තරගාවලිය දිනා ගැනීමට සමත් වූවේය. ඔස්ට්‍රේලියාවට එරෙහි වෝන් – මුරලි ටෙස්ට් තරගාවලිය සම කිරීම හා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීම කැපීපෙණුනි. ඒ අතර ටෙස්ට් තරග, එක්දින තරග හා විස්සයි20 තරග ජයග්‍රහණ අත්කර ගත්තේය.
ප්‍රින්ස් ගුණසේකර
The post සිල්වර්වුඩ්ට තවත් සේවා දිගුවක් appeared first on දිනමිණ.