හතළින්අට වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ පාපන්දු තරග අද සිට මේ 30 දක්වා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී හා අරියාලේ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළාත් 9ක කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගිවන මූලික වටය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ.
යාපනය මධ්‍ය මහා විදුහලේදී ඊයේ දිනයේ කණ්ඩායම් ලියාපදිංචිය සිදුකළ අතර ඒ සඳහා පළාත් නවයේ කාන්තා හා පිරිමි කණ්ඩායම් සියල්ල පැමිණ සිටියහ.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, උතුරු පළාත් ප්‍රධාන ලේකම් අයි. ඉලන්කෝවන්, යාපනය මහ දිසාපති ප්‍රදීපන්, හා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සමාරම්භක උලෙළ පැවැත්වෙන අතර ඌව හා සබරගමුව අතර පළමු තරගය යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ පසුගිය වසරේ පිරිමි පාපන්දු ශූරතාව උතුරු පළාත් කණ්ඩායම දිනාගත් අතර, එහි අනුශූරතාව බස්නාහිර පිල දිනා ගත්තේය. කාන්තා පාපන්දු ශූරතාව වයඹ දිනාගත් අතර, එහි අනුශූරතාව බස්නාහිර ක්‍රීඩිකාවෝ දිනා ගත්හ. උතුරු පළාතේ පාපන්දු ක්‍රීඩාව අතිශය ජනප්‍රිය බැවින් ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ පාපන්දු තරග නැරඹීම වෙනුවෙන් විශාල උනනදුවක් පවතින බව වාර්තා වේ.
The post ජාතික ක්‍රීඩා පාපන්දු තරග අද සිට යාපනයේදී appeared first on දිනමිණ.