ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණයේදී ක්‍රීඩා සමාජ 22කට ඡන්දය භාවිත කිරිමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තා වේ. නියමිත කාලයට නිලවරණය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් ක්‍රීඩා අධ්යක්ෂවරයාගේ යටතට පත් කිරීමෙන් පසු පැවැත්වෙන එම නිලවරණය සඳහා පත් කළ නිලවරණ කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ අත්සනින් යුතුව සියලුම ලියාපදිංචි අනු සංගම් වෙත යවනු ලැබූ ලිපියට අනුව ක්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව, හැම වසරකම ජනවාරි 1ට පෙර සාමාජික මුදල් ගෙවූ බවට වන ලදු පත, තරග සහභාගීත්වය, සාමාජික හා විධායක කමිටු නාමලේඛනය, මහ සභා රැස්විම් වාර්තා සහ අත්සන් ලේඛනය, විනය පියවරක් ගැනීමක් හෝ ව්‍යවස්ථානුකූලව තහනමකට ලක්වී තිබීම යන නිර්නායක සැලකිල්ලට ගනිමින් නිලවරණ කමිටුව විසින් පාපැදි නිලවරණයේදී ඡන්දය භාවිත කිරිමේ අයිතිය හිමි සහ අයිතිය අහිමි නාමලේඛනයක් නිකුත් කර ඇති අතර, එහි නිර්නායක සපුරා නැති ක්‍රීඩා සමාජ 22කට එසේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කරමින් නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, පාපැදි සම්මේලනයේ සම්බන්ධීකාරක වශයෙන් පත් කර ඇත්තේ පාර්ශ්ව රැසක චෝදනාවට ලක්වූ පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා බවත්, ඡන්ද අයිතිය අහිමි වූ බහුතර ක්‍රීඩා සමාජ ඔහුගේ ක්‍රියාකලාපය විවේචනය කළ පාපැදි සමාජ බවත් පාර්ශ්ව රැසක් සඳහන් කරති.
එහිදී ව්‍යවස්ථානුකූලව රැස්වීම් 3කට සහභාගි නොවීම හේතුවෙන් පමණක් ක්‍රීඩා සමාජ 12කටම ඡන්ද අයිතිය අහිමි වී ඇති අතර, ඉන් බහුතරයක්ම පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා කලාපයට විරෝධය දැක්වූ ක්‍රීඩා සමාජ වීම විශේෂත්වයකි. මේ අතුරින් විශේෂ මහ සභා රැස්වීමකදී වැඩි ඡන්දයෙන් පත් කළ නිලවරණ කමිටුව අඛණ්ඩව දෙවතාවක්ම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රීඩා පනතට සහ පාපැදි ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් සිටින බවට චෝදනා කළ ක්‍රීඩා සමාජ වන අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සමාජය, කුරුණෑගල දිස්ත්‍රික් පාපැදි සමාජය වැනි අනු සංගම්වල ඡන්ද අයිතිය ද එම නිර්නායකය මත අහිමි වී ඇත.
මීට අමතරව පාපැදි නිලවරණ කමිටුව පත් කිරීමේදී අකටයුතුකම් සිදුවී ඇතැයි අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට පැමිණිල්ලක් යොමු කළ කළුතර පාපැදි සමාජයේ ඡන්ද අයිතිය මහ සභා රැස්වීම් වාර්තාවල තිබුණ ද, අත්සන් ලේඛන නැතිවීමේ නිර්නායකය මත අහිමි කර ඇති අතර, එම නිර්නායක සපුරා නැති අනිල් රත්නසිරි පාපැදි සමාජයට ඡන්ද අයිතිය හිමිවීම පාපැදි ක්ෂේත්රය තුළ කතාබහට ලක් වෙමින් තිබෙන බව වාර්තා වේ.
ෆ්ලයින්වීල් පාපැදි සමාජය, තින්දරා පාපැදි සමාජය, රංජිත් අනුර පාපැදි සමාජය, ශ්‍රී එක්සත් ගෝනවල පාපැදි සමාජය, කටාන ෆ්‍රීඩම් රයිඩර්ස් පාපැදි සමාජය, ස්ටෙෆනෙලී ෆිලිපීනෝ ලංකා පාපැදි සමාජය හා අනුරාධපුර ශක්ති පාපැදි සමාජයට ද ව්‍යවස්ථානුකූලව රැස්වීම් 3කට සහභාගි නොවීමේ නිර්නායකය මත ඡන්ද අයිතිය අහිමි කර ඇත. ඡන්ද අයිතිය අහිමි වූ ක්‍රීඩා සමාජ අතුරින් දඹුල්ල රංගිරි පාපැදි ක්‍රීඩා සමාජයට එම තත්ත්වය අත් වී ඇත්තේ සාමාජික මුදල් නියමිත දිනයේදී නොව මාර්තු 11 වැනිදා ගෙවීම සහ ව්‍යවස්ථානුකූලව රැස්වීම් 3කට සහභාගි නොවීම හේතුවෙනි. තරග සහභාගිත්වයක් නොමැතිවීම සහ ව්‍යවස්ථානුකූලව රැස්වීම් 3කට සහභාගි නොවීම හේතුවෙන් රන් තරු පාපැදි සමාජයට ද ඡන්ද අයිතිය අහිමිවී ඇත.
The post පාපැදි නිලවරණයේදී අනු සංගම් 22කට ඡන්ද අයිතිය අහිමි වෙයි appeared first on දිනමිණ.