නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ ටොරින්ටන් පෙදෙස තුරඟ තරග පිටිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ලබාදීමට අනුමැතිය හිමිවෙයි. ඒ අනුව ඉදිරි දිනවලදී නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර, මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. මූලික පියවරක් ලෙස වසර 30ක කාලයකට තුරඟ තරග පිටිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැවැරීමට කටයුතු යෙදේ.
ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සතු ජාත්‍යන්තර මට්ටමේ පළමු පාපන්දු ක්‍රීඩාංගණය ලෙස ටොරින්ටන් තුරඟ තරග පිටිය ඉතිහාසයට එක්වේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මේ ක්‍රීඩාපිටිය බදු පදනම යටතේ පාපන්දු සම්මේලනයට හිමිව ඇත.
දැනට විදුලි ආලෝක ධාරා යටතේ රගර් හා පාපන්දු ක්‍රීඩාවලට පහසුකම් ඇති මේ ක්‍රීඩාපිටියේ ඉදිරි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් සිදු කිරීමට නියමිතය.
The post ටොරින්ටන් තුරඟ තරග පිටිය පාපන්දු සම්මේලනයට දෙයි appeared first on දිනමිණ.