මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් 39 දෙනකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගෑස් කාන්දුව ගුවන්තොටුපොළෙ හි ස්ථාපනය කර ඇති ඉංජිනේරු පර්යන්තයක සිදුව ඇති අතර ඉන් ගුවන් ගමන් සඳහා බාධාවක් ඇති වී නොමැති බවයි, එම වාර්තා වැඩිදුරටත් පැවසුවේ.
ගෑස් කාන්දුව සැලවුණු සැණින්, ගිනි නිවන භට කණ්ඩායම් ගුවන් තොටුපොලට පැමිණ ඇති අතර, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ රසායන විෂ කාන්දුවක් සිදුවී ඇති බවයි.
විෂ ආඝ්‍රාණය වී රෝගී වූවන්ට කැරකිල්ල, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබුණු බවත්, රෝහල්ගත කළ එම 39 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් යානාවලට ගොඩවීමට පැමිණි මගීන් කිසිවකුටවත් ඉන් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද වාර්තා වේ.
The post මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.