‘එක මිටට’ නමින් රැල්ලට බෝ වුණ නිශේධාත්මක රැලි කඩා වැටී අවසන් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර නොගත්තේ නම් පාර්ලිමේන්තුව ගිනි තැබූ කෙන්යාවක් බවට ශ්‍රී ලංකාවද පත් වීමට ඉඩ තිබූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා (06) මාතරදී පැවසීය.