බංග්ලාදේශයේ චෙස් ක්‍රීඩාවේ අංක එකේ ක්‍රීඩකයා වන සියාවුර් රහ්මාන් ජීවිතයෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 50 හැවිරිදි වියෙහි පසු වූ රහ්මාන් පසුගියදා එරට පැවැති ජාතික චෙස් ශුරතාවලිය අතරතුර හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ චෙස් තරගයක් අතරතුරදීම බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
චෙස් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකු ලබන ඉහළම ජයග්‍රහණය වන ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ ශ්‍රේණියේ ජයග්‍රාහකයකු වූ රහ්මාන් බංග්ලාදේශයේ ජාතික චෙස් ශූරතාවලියේ 12 වැනි වටයේදී තවත් ග්‍රෑන්ඩ් මාස්ටර් චෙස් ශූරයකු වූ ඉනාමුල් හොසේන් සමඟ තරග වදිමින් සිටියදී එම ඉරණමට ගොදුරු වී ඇති අතර, ඩකා අගනුවර රෝහල වෙත රැගෙන යනවිටත් ඔහු මෙලොවින් සමුගෙන සිටි බව වාර්තා වේ. පසුගිය 2022 වසරේදී ඉන්දියාවේ පැවැති චෙස් ඔලිම්පියාඩ් ශූරතාවලිය ඔහු සහභාගි වූ අවසන් ජාත්‍යන්තර චෙස් තරගාවලිය වේ.
ෆවුස් මොහොමඩ්
The post බංග්ලාදේශයේ නොම්මර එකේ ‘ග්‍රෑන්ඩ් මාස්ටර්’ චෙස් මේසය මතදීම අවසන් හුස්ම හෙළයි appeared first on දිනමිණ.