ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් හිමි වෙයි. මොන්ගෝලියාවේ උලන්බටාර් නගරයේ බුයන්ට් උක්හා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවූ මෙම තරගාවලියේදී අවුරුදු 40ට වැඩි මාස්ටර් කාණ්ඩයෙන් ඉදිරිපත් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන කමල් දේශප්‍රිය මායාදුන්න, කිලෝග්‍රෑම් 75 බර පන්තිය නියෝජනය කළ නිපුන ලක්ෂාන් හා හොඳම මස්පිඩු ක්‍රීඩක තරගයෙන් රංග සිල්වා රිදී පදක්කම් දිනා ගත්හ.
කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කළ උපුල් තුෂාර රත්නායක ලෝකඩ පදක්කම දිනා ගත්තේය. කිලෝග්‍රෑම් 70 බර පන්තියේ 5 වැනි ස්ථානය ආර්. ඒ.පී.ඩී. රාජපක්ෂ හා කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග වැදුණු කමල් දේශප්‍රිය 6 වැනි ස්ථානය ලබා ගත්හ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8ක් හා පුහුණුකරුවන් හා නිලධාරීන් 6ක් සහභාගී වූහ.
ප්‍රින්ස් ගුණසේකර
The post ආසියානු කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී 3යි සහ ලෝකඩ 1යි appeared first on දිනමිණ.