කුහදාසන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පත් කරනු ලැබීය.

ෂන්මුගම් කුහදාසන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

ඒ මහතා 1975 වර්ෂයේ සිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 වර්ෂයේ සිට එම පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායකයා වශයෙන් ද කටයුතු කරයි. එසේම ඒ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධීකාරක වශයෙන්ද කටයුතු කර ඇත.

එසේම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්විය.

ෂන්මුගම් කුහදාසන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා ගැනීමට අදාළ අංක 2391/14 දරන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය (02) වැනි දා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

 

The post කුහදාසන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

 

  • Related Posts

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
    • July 13, 2024

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

    Continue reading
    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
    • July 12, 2024

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 17 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා