ප්‍රවීණ වාද්‍ය ශිල්පී ජයන්ත දිසානායකගේ සැක්සෆෝනය හොරු අරන්

මෙරට ප්‍රවීණතම සැක්සෆෝන් වාදකයෙකු මෙන්ම ජනප්‍රිය ගායකයෙකු ද වන ජයන්ත දිසානායක මහතාගේ සැක්සෆෝනය කිසිවෙකු හෝ විසින් සොරකම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගායන ශිල්පී දයාන් විතාරණ මහතා ෆේස් බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජයන්ත දිසානායක මහතාගේ නිවසට හොර රහසේ පැමිණි කිසියම් පුද්ගලයෙක් ඔහුගේ Tenor සැක්සෆෝනය සොරකම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම්, 077 996 8186 යන දුරකථන අංකයෙන් ජයන්ත දිසානායක මහතා වෙත දැනුම් දෙන ලෙසද දයාන් විතාරණ මහතා ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් දයාන් විතාරණ මහතා ෆේස් බුක්හි පළ කළ සටහන පහතින්,

“මේ ඔබේ උදව් අවැසිම මොහොතක් ………………..

අපට සිටින අංක එකේ ප්‍රවීණතම සැක්සෆෝන් වාදකයෙකු මෙන්ම ජනප්‍රිය ගායකයෙකු ද වන විශාරද ජයන්ත දිසානායකයන්ගේ Tenor සැක්සෆෝනය කිසිවෙකු විසින් නිවසට කඩා පැන සොරකම් කර ඇති අතර, එය සොයා ගැනීමට හෝ සොරාගත් අය නීතියට හසු කරගැනීම වෙනුවෙන් ඔබ සැමගේ උදව් උපකාර සහ දැනුවත් කිරීම් මේ මොහොතේ ජයන්ත ඇතුළු පවුලේ සැමට මහඟු අස්වැසිල්ලකි.

මට මගේ කැමරාව යමෙකු සොරාගත්තේ නම් වේදනාවක් දැනෙන්නේ යම් සේ ද, සැක්සෆෝනයෙන් ජීවිකාව ගෙන ගිය සහ සංගීතය සමග ආත්මගත බැඳීමක් ඇති ජයන්ත මේ මොහොතේ එම අහිමිවීම කෙසේ දරාගන්නේ ද යන වේදනාව මම දනිමි.

අනෙක් අතට මේ දිනවල පවා ජනප්‍රියත්වයේම බැබළෙමින් සිටින ඔහුගේ පුතුන් වන තනුර මධුගීත් සහ හිමාෂ මනුප්‍රිය පුතුන් ද ඇතුළු ජයන්තගේ මුළු පවුලම කලා ලොවේ කාටත් ලැදි, අහිංසකව මෙන්ම සාධාරණව ජීවත්වන පවුලකි. එනිසා මේ මොහොතේ අප සැම එක්ව ඔවුන් හා මෙම සොරා සොයාගැනීමට වෙහෙසිය යුතු ය.

ඔබට යම් තොරතුරක් ලදොත් 077 996 8186 යන අංකයෙන් ජයන්තව සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමි !!! ”

The post ප්‍රවීණ වාද්‍ය ශිල්පී ජයන්ත දිසානායකගේ සැක්සෆෝනය හොරු අරන් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

 

  • Related Posts

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
    • July 13, 2024

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

    Continue reading
    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
    • July 12, 2024

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 17 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා