වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඇය තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

පසුව ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කොට දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මීට අමතරව රෝහල් ගතව සිටි යොමානා කෞෂධී ශල්‍යකර්මයකට භාජනය කොට මේ වන විටත් දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

වෙඩි තැබීමෙන් කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් (ක්ලබ් වසන්ත )(55) හා අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනකු මියගොස් තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

The post වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

 

  • Related Posts

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
    • July 13, 2024

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

    Continue reading
    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
    • July 12, 2024

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 17 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා