ෂර්මා නටන්නේ කුල්දීප්ගේ පදයටයි

විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශූරතාව ලබා ගැනීම සඳහා වේදිකාවට පැමිණෙද්දී නටමින් පැමිණෙන්නට යෝජනා කළේ කුල්දීප් යාදව්ගේ යෝජනාවකට අනුව බව නායක රෝහිත් ෂර්මා හෙළි කළේය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පසුගියදා පැවැති සුහද සාකච්ඡාවකදී ෂර්මා මේ බව පවසා තිබේ. ඒ සමඟම අගමැති මෝදි කුල්දීප්ගෙන් විමසා සිටියේ තම නායකයාට එවැනි දෙයක් කිරීමට ධෛර්යය දුන්නේ කෙසේද යන්නයි.

“ඒත් එයා (රෝහිත්) මම කියපු විදියට නැටුවේ නෑ” සියල්ල සිනහ ගන්වමින් කුල්දීප්ගේ ප්‍රතිචාර දැක්විය. “අපි මේ කුසලානය ගන්න බොහෝ කාලයක් බලා සිටියා. ඒ නිසා ක්‍රීඩකයින් යෝජනා කළේ සුපුරුදු ආකාරයෙන් වේදිකාවට නොගොස් වෙනස් විදිහකට යන ලෙසයි. ඒක චාහල් සහ කුල්දීප්ගේ අදහසක්“රෝහිත් සඳහන් කළේය.

තරගාවලියේ කඩුලු 15ක් දවාගත් බුම්රාගෙන් අගමැති මෝදි මහතා අසන ලද්දේ ඔබ කැමතිම කෑමක් වන ‘ඉඩ්ලි‘ අනුභව කිරීමට ලැබුණේද යන්නය.

“මට බටහිර ඉන්දීය කොදෙව්හිදී ඉඩ්ලි කිසිවක් ලැබුණේ නෑ. මම ඉතා තීරණාත්මක අවස්ථාවලදී පන්දු යැව්වා. ඒ පන්දු තුළින් ඕනෑම දුෂ්කර තත්වයකින් ගොඩ ඒමට සහ ජයග්‍රහණය කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා“ බුම්රා පැවැසීය.

දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් මහා තරගයේදී සූර්යකුමාර් යාදව් ලබාගත් දර්ශනීය උඩපන්දුව තමන් දුටු අලංකාරම උඩ පන්දුවක් බව මෝදි මහතා මෙහිදී පැවැසීය. එවිට ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් අගමැතිවරයාට දන්වා සිටියේ පුහුණුවීම් අතරතුර අවම වශයෙන් දිනකට එවැනි උඩ පන්දු 150ක් පමණ සූර්යකුමාර් ලබා ගන්නා බවයි. කණ්ඩායමේ පුහුණුවීම්වලදී එවැනි උඩ පන්දු පන්දු රැකීමේ අභ්‍යාසවලට ඇතුළත් බව හෙතෙම පැවැසීය.

“අයිපීඑල් තරගාවලිය ආරම්භයේ සිට මම එවැනි උඩපන්දු රැසක් ලබාගෙන තිබුණා. නමුත් එවැනි අවස්ථාවක දෙවියන් මට අවස්ථාවක් දෙන බව නොදැන සිටියා. මම එවැනි තත්ත්වයක් සඳහා පුහුණුවීම් කරලා සූදානමින් සිටියේ“ සූර්යකුමාර් පැවසීය. එවිට මෝදි මහතා කීවේ, “මුළු රටම පීඩනයට පත්වුණා, ඒ උඩ පන්දුව නිසා තරගය වෙනස් වුණා, ඒක ඔයාට අයිතිවූ නිසා ඔයා වාසනාවන්තයෙක්” යනුවෙනි.

අවසන් මහා තරගයේ දී අගනා පිතිහරඹයක් පෙන්වූ විරාත් කෝලිගෙන් තරගාවලියේ නැඟීම් සහ වැටීම් පිළිබඳව අගමැතිවරයා විමසා සිටියේය.

“මුළු තරගාවලියේදීම මට අවශ්‍ය ආකාරයට සම්පූර්ණයෙන් දායකත්වයක් දෙන්න බැරි වුණා. ඒත් අවසන් තරගයේදී පන්දු 4කදී හතරේ පහර 3ක් ලබාගෙන මම ඉක්මනින් ලකුණු අතරට ආවා. ඉක්මනින් කඩුලු වැටෙද්දී මම හිතුවා මට යටත් වෙන්න ඕන කියලා. මට මගේ අහංකාරකම කණ්ඩායම වෙනුවෙන් පැත්තකින් තියන්න සිද්ධ වුණා. මම ක්‍රීඩාවට ‘ගෞරවය’ දුන්නා, එදා ක්‍රීඩාව මට ගෞරවය ලබා දුන්නා. යමක් සිදු විය යුතු විට එය සිදු වන බව මම දැනගත්තා“ කෝලි පැවැසීය.

“අපි පළමු වතාවට නිව්යෝර්ක්වලට යද්දී පුහුණු වෙන්න හොඳ පිටියක් තිබුණේ නැහැ, දුෂ්කරතා තිබුණා. ඒත් කවුරුත් ඒ දේවල් ගැන අවධානය යොමු කළේ නැහැ. හැමෝම හිතුවේ අපි බාබඩෝස්වල අවසන් තරගය ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. ක්‍රීඩකයන් සියලු දෙනාටම තිබුණේ එකම අරමුණක්“ කෝලි පවසද්දී, විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය අනෙකුත් ක්‍රීඩා ක්ෂේත්‍රවල නියැ­ෙළන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද දිරිගැන්වීමක් වනු ඇතැයි අගමැති මෝදි මහතා සඳහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර

The post ෂර්මා නටන්නේ කුල්දීප්ගේ පදයටයි appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා

    • By
    • July 13, 2024
    • 17 views
    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා