17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට්

අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගවලදී පිත්තෙන් දස්කම් දක්වමින් ශතක රැස් කිරීමට ඩොමිනික් ප්‍රනාන්දු (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්) සහ ලෂේන් ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය) සමත්වූහ. ඩොමිනික් ප්‍රනාන්දු (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය), මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව පන්දු 76කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 136ක් රැස් කළ අතර, ලෂේන් ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පන්දු 82 කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 112ක් රැස් කළේය. තවත් තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 37කට කඩුලු 5ක් දවාලීමට සෙනිත් හේරත් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය) සමත්විය.

මේ සති අන්තයේ තරගවලදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, හලාවත ශාන්ත මරියා විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 171ක ජයක්

මහනුවර ත්‍රිත්ව – 274/8 (ඕවර 50) සෙත්මික තිනාල් 80, ඩිනාල් ප්‍රනාන්දු 47, අම්මර් මන්සිල් 29, සජන බණ්ඩාර 23 (නිකේෂල නානායක්කාර 45/2, ප්‍රමුදිත බණ්ඩාර 45/2)

මහනුවර කිංග්ස්වුඩ් – 103 (ඕවර 41.1) නිකේෂල නානායක්කාර 37 (සෙනිත් හේරත් 37/5)

හලාවත ශාන්ත මරියා

විද්‍යාලය කඩුලු 7කින් ජය ගනී

සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය- 124 (ඕවර 27.4) දසුන් නෙත්සර 27 (රිවොන් ආකාෂ් 14/3, මේදිෂ දිනෙත් 17/2, හංසක ලූෂාන් 20/2)

හලාවත ශාන්ත මරියා – 126/3 (ඕවර 32.1) කවිඳු මලිෂ්ක 78, දෙනෙත් අචින්ත 25 යි.

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 42ක ජයක්

වත්තල ශාන්ත අන්තෝනි – 156 (ඕවර 36.5) මොහොමඩ් අබ්දුල්ලා 14/2, චානක ඩයස් 22/2, මාර්ක් ජෙරොම් 25/2 යි.

කොළඹ ඩි ලා සාල් – 114 (ඕවර 34.2) මාක් ජෙරොම් 25 (පසිඳු රශ්මික 12/3, සන්දිල් රුචිරංග 19/2, කවිඳු විහඟ 22/2)

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්

විද්‍යාලයට ලකුණු 292ක ජයක්.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් – 359/5 (ඕවර 50) ඩොමිනික් ප්‍රනාන්දු 136, ෂෙනන් ප්‍රනාන්දු 89, දමේෂ් ප්‍රනාන්දු 63, නෙතුම් දෙව්ෂාන් 28 යි.

මීගමුව ශාන්ත පීතර – 67 (ඕවර 37) ශාක්‍ය ප්‍රනාන්දු 19/4, දමේෂ් ප්‍රනාන්දු 5/2, හිමාල් රවිහංස 11/2 යි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 132ක ජයක්

මොරටුව ශාන්ත සෙබස්තියන් – 218 (ඕවර 37.5) ලෂේන් ප්‍රනාන්දු 112, මෙෂෝන් ෆර්ඩිනැන්ඩු 43, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 23 (සනුර උත්පල 24/2, නුලාන් ලක්විඳු 30/2, හේෂාන් දුෂ්මන්ත 38/2, අකේන් ප්‍රනාන්දු 41/2)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය: 86 (ඕවර 27.3) නුලාන් ලක්විඳු 40 (දිලෙන ප්‍රනාන්දු 6/4, රිසිනු ප්‍රබේෂ් 19/2, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 26/2)

කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 6ක ජයක්

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය- 93 (ඕවර 42) සනුල් වීරරත්න 9/3, සනුක ගනේපොල 29/3, විමාෂ් මදනායක 10/2 යි.

කොළඹ මහානාම – 94/4 (ඕවර 26.4) සනුල් වීරරත්න නොදැවී 33 ( යොහාන් ලක්ෂිත 23/2)

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට ලකුණු 154ක ජයක්

කොළඹ ශාන්ත ජෝශප් – 231 (ඕවර 22.4) සෙනුජ වැකුණගොඩ 61, අවීෂ සමාෂ් 45, දිනුධ පෙරේරා 23, කසුන් සිල්වා 20, සුභාෂණ පොට්ස්මන් 20 (හේෂාන් කවිජ 100/4, දිනෙත් සුමුදු 32/3)

පානදුර මහානාම – 77 (ඕවර 35.2) දිනෙත් සුමුදු 22 (අවීෂ සමාෂ් 20/3, නුෂාන් පෙරේරා 31/3, ප්‍රශස් පෙරේරා 1/2)

ඉෂානි යද්දෙහි

The post 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 25 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 31 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 11 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 20 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 18 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 19 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට