එල්පීඑල් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ගෝල් මාර්වල්ස් පිලට එරෙහිව ලකුණු 25ක ජයක් වාර්තා කිරීමට අවසන් ස්ථානයේ පසුවන දඹුලු ක්‍රීඩකයෝ සමත් වූහ.
මේ පරාජය සමඟ ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථාන දක්වා පහතට වැටුණු අතර, දඹුලු පිල අවසන් ස්ථානයේ සිට සිව්වැනි ස්ථාන දක්වා ඉදිරියට පැමිණියේය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (9) රාත්‍රියේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් දඹුලු පිල දුන් ලකුණු 161ක ඉලක්කය හඹාගිය ගෝල් ක්‍රීඩකයන්ට ඕවර 19.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 135ක් පමණි. මේ දෙපිලම ඊයේ සිය 5 වැනි තරගයට ක්‍රීඩා කළ අතර, ගෝල් පිල පරාජය වූ දෙවැනි තරගය මෙන්ම දඹුලු පිලට හිමි වූ දෙවැනි ජය මෙයයි.
දඹුලු පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 8 ලකුණු 62ක් තුළ දවා ගැනීමට ගෝල් පන්දු යවන්නෝ සමත් වූ අතර, හුදෙකලා සටනක නිරත වූ ඉසුරු උදාන වේගවත් ලකුණු 72ක් රැස් කළ ද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 38කදී හතරේ සහ හයේ පහර 5 බැගින් එල්ල කළ ඉසුරු 9 වැනි කඩුල්ලට මහීෂ් තීක්ෂණ සමඟින් ලකුණු 72ක සබඳතාවක් ගොඩනැඟූ අතර, තීක්ෂණ රැස් කළේ ඉන් ලකුණු 5ක් පමණි. පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් දවාගත් අතර, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් දවා ගත්තේය. ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.
පළමුව පන්දුවට පහරදුන් දඹුලු ඉනිමේදී මුල් පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී ගිය ද අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 56ක් රැස් කරමින් ඉනිම ලකුණු 160 දක්වා ඉදිරියට රැගෙන ගියේය.
18 වැනි ඕවරයෙන් අවසන් පන්දුවෙන් 8 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නුවන් ප්‍රදීප් සමඟ අවසන් ඕවර 2කට ලකුණු 38ක සබඳතාවක් ගොඩනැඟීමට චමිඳු සමත් වූ අතර, එම සියලු ලකුණු චමිඳුගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනිණි. මුහුණදුන් අවසන් පන්දු 12න් ලකුණු 37ක් රැස් කළ චමිඳු සිය ඉනිමේදී (56) පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි. ළහිරු උදාර ලකුණු 26ක් ඉනිමට එක් කළේය.
පන්දු යැවීමේදී කවිඳු නදීෂාන් කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්හ.
දඹුල්ල සික්සර්ස් – 160/8 (ඕවර 20) චමිඳු වික්‍රමසිංහ නොදැවී 56, ළහිරු උදාර 26 (කවිඳු නදීෂාන් 16/3, ඉසුරු උදාන 16/2)
ගෝල් මාර්වල්ස් – 135 (ඕවර 19.4) ඉසුරු උදාන 72 (දුෂාන් හේමන්ත 33/3, නුවන් තුෂාර 37/3, චමිඳු වික්‍රමසිංහ 1/2)
The post ගාලු පෙරමුණට දඹුල්ලෙන් ප්‍රහාරයක් appeared first on දිනමිණ.