එදා සී.ටී.ප්‍රනාන්දුට තාත්තාගේ වාදනය නැතිවම බැරිවුණා

– හෙළ සංගීතයට මුලින්ම ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වා දුන්නේ අපෙ තාත්තා
– අපේ තාත්තා ගිටාරයට තිබුණෙ පුදුම ආදරයක්. උනන්දුවක්.. ගෞරවයක්
– තාත්තා මුදල් පස්සෙ හඹාගියෙත් නැහැනෙ. ලැබෙන මුදල අම්මා අතට දුන්නා..
– සංගීතය මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තිළිණයක්… තාත්තා නිතරම කිව්වේ එහෙමයි

හෙළ සංගීතයට මුලින්ම ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වා දුන්නේ අපෙ තාත්තා ..”

හෙළ ගීතාවලිය සේම හෙළ සංගීතාවලිය තුළින් රටක් මෝහනය කළ මේ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියාණෝ තවමත් අප මතකයේමය…

එදාමෙදාතුර ඔහු අතින් නිමැවුණු සහසක් ගී තනු අතර බොහොමයක් සැබැවින්ම රසාලිප්තය. ගිටාරයෙන් නොඑසේනම් හවායින් ඉලෙක්ට්‍රික් ගිටාරය ගුවන් විදුලියට ප්‍රථමවරට හඳුන්වා දීමේ ගෞරවය හිමිවනුයේද ඔහුටමය….

රසික සන්තානය වසඟ කළ අපූර්වතම ඔහුගේ ගී තනු දහසක් අතුරින් අතිශය ජනප්‍රියත්වයෙන් රසික හරසරට බඳුන් වූ ගීත අදටත් මිහිරියාවෙන් සවනත අලුත් වෙයි.

“ඉවුරු තලා…ගංගා බැස යනවා…..” “රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා…” ” හෙළ ජාතික අභිමානේ…” ආදී ඒ උත්තුංග රසභාවයෙන් අනූන ගී තනු අතර ඉන් කිහිපයකි.

මෙවර සරසවිය පාඨක ඔබ වෙනුවෙන් කලක් අප සැනසූ අසහාය සංගීතවේදියකු..සංගීත අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගායන ශිල්පියකුද වූ පැට්රික් දෙනිපිටිය නම් ඔහු පිළිබඳ යටගිය තතු සොයා ගිය ගමනේදී මට හමුවූයේ ඒ කෘතහස්ත සංගීතවේදියාණන්ගේ පුතකු වන සංගීතවේදියකු මෙන්ම පරිගණක ක්ෂෙත්‍රයේ නියමුවකුද වන මහේෂ් දෙනිපිටිය මහතාය.

හෙතෙම ආදරණිය සිනාවකිනි.

” අපෙ තාත්තා සහජ කුසලතාවයෙන් පරිපූර්ණ තම දැනුමින් වැඩියමක් කරන්නට දක්ෂතාවයක් තිබුණු කෙනෙක්…”

ආදරණිය පුතු මහේෂ් කියන්නේය…

කොළඹ ..කොටහේනේ පදිංචිව සිටි රස්සාවෙන් දුම්රිය ස්ථනාධිපතිවරයකු වූ කොර්නේලිස් දෙනිපිටිය සහ මේරි සිමෝනා මවුපිය යුවළට දූ දරුවන් ම නවදෙනෙකි.

1934 ක්වූ අගොස්තුවේ11 වනදා ජන්මලාභය ලද අපේ ආදරණිය කතා නායකයාණෝ එම පවුලේ අටවැන්නා වූ අතර ඔහුගේ උප්පැන්නයේ සඳහන් නාමය වනුයේ පැට්රික් ටයිබර්ටියස් මැක්සිමස් දෙනිපිටියය. නොඑසේනම් පැට්රික් දෙනිපිටියය. ඔහුගේ සහෝදර සහෝදරියන් අතර ලොකු අයියා සනී දෙනිපිටියය. පසුකලෙක සංගීත ක්ෂෙත්‍රයටද පිවිස ප්‍රකට ගී පද රචකයකු වූ බෙනඩික්ට් දෙනිපිටිය දෙවැන්නාය. තෙවැන්නා පෝල් දෙනිපිටියය. සහෝදරියක වූ ඈන්රූ ප්‍රනාන්දු සිව්වැන්නිය විය. පස්වැන්නා එඩ්වඩ් දෙනිපිටිය වූ අතර සයවැන්නා වූයේ ඇන්ටන් දෙනිපිටියය. බර්ට්‍රම් හත්වැන්නාය. අටවැන්නා වූ අපේ කතා නායකයාට මල්ලි වූයේ මිල්ටන් දෙනිපිටියය.

” ඔව් අමල්…අපෙ තාත්තාගෙ තාත්තා ..ඒ කියන්නෙ අපෙ සීයා රේල්ලුවෙ නිසා රටපුරා රස්සාවට යන්න වුණාම අපෙ තාත්තාටත් ඉගෙනුමට පාසල් කිහිපයකටම යන්න සිද්ද වෙලා තියෙනවානෙ…”

ඒ ටික කීවෙි අපේ මහේෂ් ය.

පාසල් කිහිපයකට ගිය ඇවෑමෙන් කොළඹ සාන්ත බෙනඩික්ට් .. සාන්ත ඇලෝසියස් සහ සාන්ත සෙබස්තියන් ආදී පාසල්වලටද ඉගෙනුමට ගිය අපේ ආදරණිය පැට්රික් ඉගෙනුමට පෑයේ ද මහත් සමත්කමෙකි.

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පසුකලෙක නම් පතළ ක්‍රිස්ටෝපර් පෝල් පීරිස් ..සී.ඩී.ෆොන්සේකා ..කැමිලස් ඇන්ටනි පීරිස් .. ආදී බොහෝ දෙනකුද ඔහුගේ පාසල් මිතුරන්ම විය…

“අපෙ සීයා රිටයර් වුණාට පස්සෙ ගෙදර බර වැඩිවුණානෙ. තාත්තාගෙ ලොකු අයියා තමයි තාත්තාගෙ පාසල් ගමනට සවිය වුණේ..ඒ වගේම අපෙ තාත්තාත් හොඳට ඉගෙන ගෙන වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේශ විභාගයෙනුත් ඉහළින්ම සමත් වුණා…”

පුතු මහේෂ් කියන්නේය.

අපේ සොඳුරු කතා නායකයාණෝ වෛද්‍ය විද්‍යාලයට පිවිසෙන්නට සියල්ල සපුරා තිබියදී ජා ඇල පිහිටි අපේ ප්‍රකට සංගීතඥ සුනිල් සාන්තයන්ගේ නිවස සොයා ගියේය..ඒ තම හිතයට පැළපදියම්ව තිබුණු සංගීතය පිළිබඳව නොතිත් ආශාව නිසාමය. එය ඔහු ජීවිතයේ දෛවෝපගත සිදුවීමක්ම යැයි ඔහුට ම සිතුණාදැයි නොදනිමි. දැන් හෙතෙම අපේ සුනිල් සාන්තයන් යටතේ ගායනය හදාරන්නේය.

සුනිල් සාන්තයන් තම සිසුවා පිළිබඳ කෙතරම් පැහැදුණේදයත් එවකට ගුවන් විදුලිය පිහිටා තිබූ කොළඹ බවර්ස් ගොඩනැගිල්ලට කැඳවා ගියේය. එහි තමන්ගේ සරල ගී වැඩ සටහන්වලට එකතු කරගත්තේය..එදා විකාශය වූ ආධුනික පැය වැඩ සටහනේද වාදකයකුව සිටියේය.. මේ වාදක මඩුල්ල අතර ඔහුගේ සහෝදරයකු වූ බර්ට්‍රම් දෙනිපිටියද සිටියේය. එවක ප්‍රකට කාන්ති වක්වැල්ල..රෝහිත ජයසිංහ …අයිවෝ ඩෙනිස්..ක්‍රිස්ටෝපර් පෝල්..විවියන් ද සිල්වා බොරලැස්ස ආදීහු ද එහිදී දැනහඳුනාගන්නට ලැබුණේය. ඒ වනවිට ඔහුට වයසින් අවුරුදු 18ක් පමණය.

මා සමීපයේ පසුවන අපේ මහේෂ් පසුවන්නේ තම පියාණන් පිළිබඳව සිත උපන් මහත් ගෞරවය මුසු හැඟීමකින් යැයි මට හැඟේ.

පාසල් අවධියේදීද ඉගෙනුමෙහි සමත්කම් පෑ තරම කොතෙක්ද සාන්ත බෙනඩික්ට් විදුහලේ නුග ගහ යට ගණිත පන්තියේ ගුරුවරයා වූයේද ඔහුමය.

“අපෙ තාත්තා ගණිත විෂයට දක්ෂයි. පාසලේ ළමයි තාත්තාගෙන් ගණිතය ඉගෙන ගන්න පුරුදු වෙලා තියෙනවා. පන්තිය පාසලේ නුගගහ යට තිබුණෙ. ඇත්තමයි අමල්. අපෙ තාත්තා සතුව තිබුණු දැනුම් සම්භාරය ගැන කීවොත් ඒ දැනුම තුළ නිර්මාණාත්මක හැකියාවන් ගොඩක් තිබුණා. හැමදේකදිම තාත්තා ළඟ තිබුණු උනන්දුව..කැපවීම නම් ඉතාමත් ඉහළයි. ”

දැන් අපේ ආදරණිය පැට්රික් දෙනිපිටිය සුනිල් සාන්තයන්ගේ ඇසුරින් ගීතයෙහි ස්වර ප්‍රස්තාරය නිර්මාණය කරන්නට උනන්දු වූයේය…සුනිල් සාන්තයන්ද මවිතයට පත්වූයේ තම පැට්රික් සිසුවා වාද්‍ය භාණ්ඩයක් අත නැතිවම පෙරඅපර දෙදිග ස්වර ප්‍රස්තාරයන් මනසින් නිර්මාණය කිරීමෙහි පෑ වේගවත් ස්වභාවය දැකීමෙනි. තම සිසුවාගේ අනාගතය ගැන කල්තියා ම වඩාත් සතුටට පත්වූයේ සුනිල් සාන්තයන්ය.

“අපෙ තාත්තා ගිටාරයට තිබුණෙ පුදුම ආදරයක්. උනන්දුවක්.. ගෞරවයක්. ඉතින්…තාත්තාගෙ නැන්දා කෙනෙක් තාත්තාගෙ සතුට වෙනුවෙන් ගිටාරයක් තෑගි කරල තියෙනවා…ගුවන් විදුලියේ වාදක මඩුල්ලේ හිටිය තාත්තා ජනප්‍රිය වුණේ ගිටාර වාදනයෙන්. ඒ කාලෙ බටහිර වාද්‍ය භාණ්ඩවලට එතරම් ඇගැයීමක් තිබිල නැති යුගයක ගුවන් විදුලියට ප්‍රථමවරට ඉලෙක්ට්‍රික් ගිටාරය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ අපෙ තාත්තාටයි. ඒ 1950 දි විතර. ඒ තමා හවායින් ගිටාරය.”

මහේෂ් සිනාපිරි මුවිනි.

දැන් දැන් අපේ ආදරණිය කතා නායක තෙමේ පෙරඅපර දෙදිග ප්‍රකට සංගීත ශිල්පීන්…අධ්‍යක්ෂකවරුන් අතරද ප්‍රමුඛ තැනකය. වාද්‍ය නිර්මාණ දෙඅංශයේම සම්පාදක ලෙසින් ද හේ බුහුමන් ලැබීය.

“වාද්‍ය භාණ්ඩයක් අතක නැතිව මනසින් ගලප ගළපා වේගයෙන් ස්වර ප්‍රස්තාර ලිවීම ගැන නම් එදා හැමෝම තුළ තාත්තා ගැන පුදුමයක් තිබිලා තියෙනවා. ඒත්…අමල් අපෙ තාත්තා හවායින් ගිටාරයෙන් මෙතරම් අනුන් ඇදගන්නට තරම් ඉගෙන ගත්තෙ කොහොමද කියා නම් මට හිතාගන්න බැහැ.. එය ඉන්දියාවේ ප්‍රකට සංගීත භාණ්ඩයක් . ඒ කාලෙ එය බොහොම ජනප්‍රියයි. ”

මහේෂ් එකවරම සිනාසුණේය. මම විමසුවෙමි.

“මට හිනාගියේ එක දෙයක් මතක් වෙලා. එදා සිටි ගායක සී.ටී ප්‍රනාන්දු මහත්තයා අපේ තාත්තාව ඩැහැගන්නවා කියල ප්‍රසිද්ධ කතාවක් තිබුණාලු. සී.ටී. මොන රටකට ගියත් තාත්තාව වාදනයෙන් ළඟින්ම තියාගන්නවාලු. ”

මරදානේ “සින්දු කාමරේ” එවක ගුවන් විදුලියේ සංගීත ශිල්පීන් සේම ගායකයන්ද එකතු වූ මිහිරිතම තැනෙකි. ජෝති මිල්ටන් ..ක්‍රිස්ටෝපර් ..ආදී තවත් අය මෙහි ගයති. ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහන්වලට පුරුදු පුහුණු වෙති. අලුතින් ගීත හැදෙති. අපේ කතා නායකයාට එතැනදී එකතුවන්නේ ලාල් හීනටිගලය.

මහේෂ් යළි සිනාසෙන්නේය.

“ඔය සින්දු කාමරේ හරි ප්‍රසිද්ධයිලු. මධුවිත එහෙමත් තියෙනවා. අපෙ තාත්තාට ගොඩාක් ඇඳුම් තිබිලත් නැතිලු. ඒ ආපු අය කමිසය ගලවා බිත්තියේ එල්ලනවාලු. තාත්තාත් කමිසය ගලවලා එතැන එල්ලුවාට කවදාවත් තමන්ගේ කමිසයම ගෙදරට ඇඳගෙන එන්න ලැබිල නැහැලු. කවුරුහරි කෙනෙක් නොකියාම ඇඳගෙන ගිහින්ලු.”

අපේ සොඳුරු කතා නායකයාගේ මධුරතම ගී තනු තුළින් ගායක ගායිකාවන්ද මේ වනවිට රට සුපතළය. ආර් මුත්තුස්වාමි..එම්.කේ. රොක්සාමි..ටී.එෆ් ලතීෆ්..මොහොමඩ් සාලි..ආර්. ඒ චන්ද්‍රසේන..ෂෙල්ටන් ප්‍රේමරත්න.. වැනි අසහාය සංගීතඥයන් අතර අපේ පැට්රික් දෙනිපිටියටද හිමිවූයේ නොදෙවැනි ස්ථානයකි.

අපේ කතා නායකයාණෝ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකුව තම කුසලතාව විදහා දැක්වූයේය.

“චිත්‍රපට සංගීතයේදි අපෙ තාත්තා ගොඩාක් අයට උදව් කරල තියෙනවා. ”

ප්‍රකට සංගීතඥයන් වූ ආර්. මුත්තුස්වාමි … එම්.කේ රොක්සාමි..ටී. ආර්. පාපා.. හට අපේ කතා නායක තෙමේ සහයට හිඳ චිත්‍රපට සංගීතයේදී ස්වර ප්‍රස්තාර සපයා දෙමින් සහයට සිටියේය.

“චිත්‍රපට සංගීතයේදී සංගීත අධ්‍යක්ෂකවරුන්ට ගී ස්වර ප්‍රස්තාර තාත්තා ලවා හදාගන්නට ලොකු ඕනෑකමක් තිබිලා තියෙනවා”

පුතු මහේෂ් කියන්නේය

සරත් බාලසූරිය…පී.එල්.ඒ. සෝමපාල..ආදී තවත් සංගීතඥයනටද ඔහුගේ සහය නැතිවම බැරි තරම් විය.

මේ වනවිට ලාංකේය ගීත රසිකයා දෝතින්ම වැලඳගත් රසාකර ගීත ගොන්නක්ම ඔහුගේ සංගීත රසයෙන් පිරී ඉතිරී පැවතිණි. බයිලා ගීතයද එසේමය.

කා අතරත් “පැට්ටා” නොහොත් පැට්ටා මහත්තයා..” ආදරණිය ඇමතුමින් සුහදතාවයේ මනුස්සකමේ කැඩපතක් බඳු වූ අපේ සොඳුරු කතා නායක තෙමේ හැමෝටම නොපැකිලවම උදව් උපකාර කළේය..

දිනෙක එක් යුග ගීතයක් ගයන ගායකයකු නොපැමිණීම නිසාම අපේ මොරිස් දහනායකයන් ගත්කටටම කිවේ “මේ සින්දුව ගයන්න අපි පැට්ටාට දෙමු. “කියාය.

“ගංගා යමුනා හාවුනා..” යන ගීතය ඔහු ජිවිතයේ මුල්වරට මල්ලිකා කහවිට සමඟින් ගැයුවේය. පසුව ක්‍රිස්ටෝපර් පෝල් සමඟින් “හෝ..මට ඇති සම්පතා..” නමැති ගීතය එක්ව ගැයීය. සී.ටී.ගේ ජනප්‍රිය ගීතයක් වූ “සිහින ලොවේ මිහිර මැවු මාලී. ” ගීතයට සහාය ගායනයට සිටියේ අපේ පැට්රික් සංගීතවේදියාය.

වේගයෙන් ගී ස්වර ප්‍රස්තාර ලිවීමෙහි සමත් බව ප්‍රකට කළ අපේ කතා නායකයාණෝ හවායින් ගිටාරය ද සමඟින් සංගීත ලොව පෙරළිකාර චරිතයක්ම වූයේය. හවායින් ඉලෙක්ට්‍රික් ගිටාරයක් ගායන හඬට මුසුකරමින් පෑ සමත් බව නිසාම සෑම ගැයුමකදීම ඔහුගේ වාදනයද ඇවැසි ම විය. ඉන්දියාවේ ප්‍රකට මෙම සංගීත භාණ්ඩය ඉන්දියානු රාගධාරී සංගීතයට විශේෂයක්ම විය. වීණාව වෙනුවට මෙය භාවිතයට ගැනිණි. සිංහල ගීතයට හවායින් ඉලෙක්ට්‍රික් ගිටාර වාදනය මුල් වරට එකතු කළේද මේ අපේ ආදරණිය කතා නායක පැට්රික් සංගීතඥයාම පමණෙකි. එය ව්‍යාප්ත වූ තරම කල්යාමේදී සෑම ගීතයකටම බයිලා ගීතයටද එය නැතිවම බැරිතරම් වී…

“අපෙ තාත්තා විශාල මෙහෙවරක් කළා. ඔය 54.55 ගණන්වල මුල් ගීතවල සංගීතය නව්‍යකරණයට බඳුන් කළා.. ඒ වගේම එදා මුල් ගීතවල වාදනයට තාත්තා නැතිව ගියොත් එම සරල ගී වැඩ සටහන් නවතා දමලත් තියෙනවා. අපෙ තාත්තා විශිෂ්ටයෙක් වන්නේ ඒ නිසයි..”

“සැඟවුණ මැණික ” චිත්‍රපටයට “ඈත කඳුරැලි සිප සිප දැවටිලා …” පිපිලා හද විලේ…” ආදී රස ගීත තාත්තා ගොඩාක් කළා. තාත්තා මීට පෙරත් චිත්‍රපට සංගීතයට මුත්තුස්වාමි..ලතීෆ් සාලි වගේ සංගීතඥයන්ට තාත්තා හැමතින්ම සහය වෙලා තිබුණත් තනිව කළ චිත්‍රපට සංගීතය තමයි සැඟවුණු මැණික.”

අපේ මහේෂ් සතුටින් කියන්නේය.

සරල ගීත..තැටිගත ගීත…චිත්‍රපට ගීත…ආදීයෙහි ගීත නැවතත් නිර්මාණය කරමින් එම ගී සංගීත සංයෝජනය නව්‍යකරණයෙන් ප්‍රකට කරවන්නට හෙතෙම සමත් වූයේය..

අපේ කතා නායක තෙමේ රාජ්‍ය නොවන ආයතනයක රැකියාවක නිරත ව පසුව ලේක්හවුස් ආයතනය ජනසතු කිරීමේදී ලේක්හවුස් හි පොත් අලෙවි අංශයේ විධායක තනතුරකට පැමිණියේය. ගුවන් විදුලියේ සංගීත කටයුතු ද අතරේ අවිවේකීව කල් ගෙවූවද එය ඔහුට මිහිරකි.

“ඇත්තමයි. එදා අපෙ තාත්තාට ඇහැට නින්දක් හරිහැටියට ලබලා නැහැ. ඇයි..තාත්තා වෘත්තීන් දෙකක. සංගීත වැඩ රාත්‍රියට. ”

අපේ පැට්රික් තරුණයාගේ කලවයසත් හරිය. 1957 වසර වනවිට රටම හඳුනාගත් ගිටාර වාදකයා සොයා කැලිස්ටස් නම් මහතකු පැමිණියේය.

හැඳල..නගර සභාවේ ප්‍රකට මන්ත්‍රීවරයකු වූද ඕනෑම දෙයකට මුහුණ දෙන්නට තරමේ සැරපරුෂ තැනැත්තකුවූද ගිල්බට් ප්‍රනාන්දු මහතාගේ දියණියන් දෙදෙනාගෙන් එක් දියණියකට නිවසට පැමිණ ගිටාරය උගන්වන්නැයි පැමිණි කාරණයේ අරමුණ විය.

දැන් ඔහු ඇයට ගිටාරය උගන්වන්නේය. දෙදෙනාගේ දැනහැඳුනුම්කම නොදැනීම ප්‍රේමයකට හැරිණි. එය නපුරු පියාට සැලවිණි. පන්තිය තහනම් විණි. තාත්තාගේ පැවතුම් මැනවින් දන්නා දියණිය තැති ගත්තාය. තාත්තා එකහෙළාම විරුද්ධය. ඔහුට ඇයද ඇයට ඔහු ද නැතිවම බැරිවී දෙදෙනාම රහසේ පලාවිත් යුග සරණ බැඳුණේය..

ඕ තොමෝ අලගියදුරගේ සෙල්සි මරීනා ප්‍රනාන්දු (දෙනිපිටිය) වූවාය.

මේ පුවතින් සසලව ගිය ඇගේ පියා දණ්ඩෙන් පහරලත් නාගයකුසේ කිපී ඔවුන් දුටුතැන සැහැසිවන්නට තීරණයකට එළැඹීමෙන් වඩාත් බියකට පත්විය.

“අපෙ අම්මා මහපුදුම ගතිගුණ තිබුණු කෙනෙක්. තාත්තා මුදල් පස්සෙ හඹාගියෙත් නැහැනෙ. ලැබෙන මුදල අම්මා අතට දුන්නා..ඒවා බුද්ධිමත්ව අම්මා පරිස්සම් කළා…තාත්තා දිවා රෑ නැතිව වෙහෙසුණා…”

පැට්රික්..සෙල්සි දෙපළට දූ පුතුන් තිදෙනෙකි. ලොකු පුතු සංගීතයෙහිද නිපුණ ප්‍රීමස් දෙනිපිටිය ගුවන් සේවාවේ ඉහළ තනතුරක පසුවී විශ්‍රාමික සුවයෙනි. දෙවැන්නා මා සමඟ සංලාපයේ පසුවන පුතු මහේෂ් දෙනිපිටියය. ඔහු සංගීතඥයෙකි. විදුලි ඕගනයේ සේම ලීඩ් ගිටාරයේද ප්‍රවීණයකුව..පරිගණක ක්ෂෙත්‍රයේද නියමුවෙකි. තෙවැන්නිය කැනඩාවේ වෙසෙන දියණිය මේරියන් ශ්‍යාමියය.

“ජෝති අන්කල් විදෙස් ප්‍රසංගවලට යනවිට තාත්තාත් යනවා. කණ්ඩායමකට යන්න ඒ කාලෙ වත්කම් නැති නිසා තාත්තා විතරයි යන්නේ. ඒ යුරෝපා ගමන්වලදි මමත් සහභාගි වුණා. මං වගේම අයියාත් බේස් ගිටාරයෙන් වාදනය කළා. 80 ගණන්වලදි. තාත්තාගේ ඇසුරේම හුන් නිසා මටත් අත්දැකීම් රාශියක් ම ලැබුණා. ගීතයක ගැඹුර..පටිගත කරන හැටි.. එකිනෙකා අතර සුහදතාවය..වගේ දේවල් මමත් ඉගෙන ගත්තා. මගෙ පුතා සිංගප්පූරුවේ. පුතා සංගීතය අතින් මටත් වඩා එහා ගිහින් තියෙන්නෙ. එෂාන් දෙනිපිටිය මගෙ පුතා අයියාගෙ පුතාත් පියාමෝ වාදනයෙහි දක්ෂයෙක්.”

මහේෂ් කියන්නේය.

අපේ කතා නායකයා ලේක්හවුස් පොත් අංශයේ සිටින බව දත් සංගීත ක්ෂෙත්‍රයේ හා නෑ හිතවතුන් තම දරුවන්ගේ පොත් ලැයිස්තු ගෙන එයි. තමන්ගේ වැටුපින් කැපී ගියද පරිත්‍යාගශීලි සිත් ඇති හෙතෙම ඒ සැමගෙන් මුදල් නොගෙනම පොත් ලැයිස්තු සපුරා දී පිටත් කරවන්නේය.

අපේ කතා නායකයා තරුණවියේදී සුනිල් සාන්තයන් ළඟට ගායනය ඉගෙනුම පිණිස ගියද ආර්ථික අමාරුකම් හමුවේ නොයා සිටියදී ගෙදරටම පැමිණි සුනිල් සාන්තයන් කීවේ මට මුදල් එපා..ඔයා ඉගෙනුමට එන්න කියාය. ඊට කෘතවේදි බව පළකැරෙමින් ඔහු තම ගුරුවරයාගේ ගීත තම ගිටාරය වාදනය මුසුකරමින් එම ගීත නව්‍යකරණයෙන් හඳුන්වා දුන්නේය. එය සුනිල් සාන්තයන්ගේ පැසසුමටද හේතුවිය.

“සංගීතය මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තිළිණයක්. ” අපේ කතා නායක තෙමේ නිතර කීයේය.

“අපෙ තාත්තා බෝතලේ පස්සෙ ගිය කෙනකුත් නෙවි. තාත්තාව ඉදිරියට අරන් ගියේ අපෙ අම්මා. තාත්තාගෙ හොඳ හිතින් අයුතු ප්‍රයෝජන ගන්න අය එක්ක අම්මා හරිම තරහයි. තාත්තා ඒවා හිතන්නෙ නැහැ…අපෙ තාත්තා අපෙ පාසල් වලට වගේම තවත් පාසල් වලට ..පල්ලියට…ගොඩාක් උදව් කරල තියෙනවා. නිකම් ප්‍රසංග කරදෙනවා. ඒ අතින් තාත්තා හරිම සංවේදී කෙනෙක් . තාත්තා පුදුම විදිහට දේව භක්තියෙන් ඉන්න කෙනෙක් කියල පල්ලියේ ෆාදර් මා එක්කත් කිවා”

පුතු මහේෂ් කියයි.

දැන් දැන් අපේ ආදරණිය කතා නායකයාණෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේය. මේ අතරේදී ඔහුට වයසින් 65 දී පමණ කැනඩාව බලා ගියේය. ඒ වනවිට ප්‍රසංග ආදියට ඉඩක් නැති තරමට රටම අවුල් තත්වයෙනි. ලොකු පුතු ප්‍රීමස්ගේ විවාහයට ලංකාවට පැමිණි ගමනේදී ගිත පටිගත කිරීමකටද නැවතුණේය. නොසිතූ ලෙසින් හෙතෙම අංශබාග රෝගයකට ගොදුරු විණි. පිය බිරිඳ සෙල්සි ඔහුගේ සෙවණැල්ල සේය.

නැවත කැනඩාවට ගිය අපේ පැට්රික් දෙනිපිටිය සංගීතවේදියාණෝ බිරිඳගේ ඇප උපස්ථානයට බඳුන් වෙමින් තම මුනුබුරු මිනිබිරියන්ගේ ආදරයටද පාත්‍ර වෙමින් පසුවූයේය

“තාත්තා ලංකාවට ආවේ නැහැ. එකපාරටම හෘදයාබාධයක් ආවා. තාත්තාට තිබුණු කටහඬත් නැතිව ගියා. ඒ වුණාට කියනදේ අම්මාට හොඳට තේරෙනවා. දරුවන්ගෙ දරුවන්ගෙ කුසලතා දැක දැක තාත්තා හරියට සතුටු වුණා.

මිනිස්කම හදරුවා කාටත් ආදරයම බෙදාදෙමින් සංගිත ලොව පෙරළිකාර හපනකුව පසුවූ අපේ ආදරණිය සොඳුරු කතා නායකයාණෝ 2013 වසරේදී කිසිවකුටවත් නොකියා රහසේම නොඑනා ගමන් යන්නට වූයේය.

ඒ යනවිට ඔහුට වයසින් අවුරුදු 78ක් විය.

මම ඔහු පුත් මහේෂ් ට සවන් දෙමි.

“අපෙ තාත්තා නැතිවෙලා අවුරුදු 11ක් වෙනවා. තාත්තා නමින් 90 වන සංවත්සර උත්සවයට අප සූදානම් වෙනවා. තාත්තා තනු නිර්මාණය කළ ගීත වගේම සැඟවුණු මැණිකේ සිට සැණකෙළිය දක්වා චිත්‍රපට ගිතද එකතුව ප්‍රවීණ හා නවක අය සහභාගිත්වයෙන් ඕර්ධ්ඛ්ඩ් හීදි රාත්‍රි 7ට ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒ අගොස්තුවේ 11 දා.

ශ්‍රී ලාංකේය සංගීතයේ නව්‍යකරණවාදියා “” මැයෙන් “සිහින ලොවේ මිහිර මැවූ පැට්රික් දෙනිපිටිය ” නමින් එදින පැවැත්වෙන සංවත්සර ප්‍රසංගයට සැමට ආරාධනය කැරෙන බවද අපේ ආදරණිය මහේෂ් දෙනිපිටිය කීවේ සිනාපිරි මුවිනි.

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

  • Related Posts

    සිංහබාහු අද
    • July 11, 2024

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍ය උදෑසන දර්ශන වාර දෙකක් අද මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.   මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා…

    Continue reading
    ත්‍රිපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්
    • July 11, 2024

    ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන බැසිල් කුරේ, ගාමිණි අබේකෝන් හා දයාන් කොටිටචිචි විසින් පවත්වනු ලබන ‘ත්‍රි ර්ඒව්ඒ’ චිත්‍ර ප්‍රදර්ශනය හෙට 12 වැනි දා පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදි විවෘත කෙරෙන…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 24 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 12 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 11 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views