ගාලු ක්‍රීඩ­කයෝ කඩුලු 8කින් ජය ගනිති

කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙ­හිව පැවති එල්පී­එල් තර­ගා­ව­ලියේ 14 වැනි තර­ගය කඩුලු 8කින් ජය ගැනී­මට ගෝල් මාර්වල්ස් ක්‍රීඩ­කයෝ සමත් වූහ.

ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කැන්ඩි පිල ලකුණු 187කට සීමා කළ ගෝල් ක්‍රීඩ­කයෝ පන්දු 4ක් ඉති­රිව තිබි­යදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

කෙසේ වෙතත් මේ තර­ග­යෙන් ප්‍රසාද ලකුණු සට­හනේ ස්ථාන­ව­ලට බල­පෑ­මක් සිදු නොවූ අතර, ගෝල් පිල දෙවැනි ස්ථාන­යේත්, කැන්ඩි පිල අව­සන් ස්ථාන­යේත් පසු වෙයි.

පිළි­තුරු ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් ඇලෙක්ස් හේල්ස් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැදෙ­මින් නොදැවී ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 55කිනි. පළමු කඩු­ල්ලට නායක නිරෝ­ෂන් දික්වැල්ල සමඟ එක්ව ලකුණු 76ක් එක් කළ හේල්ස් තෙවැනි කඩු­ල්ලට භානුක රාජ­පක්ෂ සම­ඟින් ගොඩ­නැඟූ නොබි­ඳුණු සබ­ඳ­තාව ලකුණු 81කි. ඊට වැය වූයේ පන්දු 47ක් පමණි. භානුක පන්දු 26කින් ලකුණු 46ක් රැස් කළේ

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කැන්ඩි පිල වෙනු­වෙන් ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 43කින් ලකුණු 69ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා විය. දිනේෂ් චන්දි­මාල් සමඟ පළමු කඩු­ල්ලට ලකුණු 54ක් එක් කළ ෆ්ලෙචර් සිව්වැනි කඩු­ල්ලට ඇන්ජෙලේ මැතිව්ස් සම­ඟින් පන්දු 33කින් ලකුණු 60ක් එක් කළේය. චන්දි­මාල් පන්දු 14කින් වේග­වත් ලකුණු 32ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15කින් ලකුණු 29 රැස් කළේය. මුළු ලකුණු 144දී මැතිව්ස් දැවී ගිය අතර, ඒ සමඟ තවත් ලකුණු 4ක් තුළ ප්‍රබල කඩුලු 3ක් (ෆ්ලෙචර්, වනිඳු හස­රංග සහ දසුන් ශානක) දැවී යෑම කැන්ඩි පිලට විශාල ලකුණු සංඛ්‍යා­වක් කරා යෑමට තිබූ අව­ස්ථාව අහිමි කළේය. රමේෂ් මෙන්ඩිස් පන්දු 14කින් ලකුණු 28ක් ඉනි­මට එක් කිරී­මට සමත් විය.

පන්දු යැවී­මේදී ප්‍රභාත් ජය­සූ­රිය කඩුලු 3ක් සහ ඩ්වේන් ප්‍රිටෝ­රි­යස් කඩුලු 2ක් දවා ගත්හ. ජය­සූ­රිය තර­ගයේ වීරයා ලෙස නම් කෙරිණි.

මේ තර­ගා­ව­ලි­යට අද (11) සහ හෙට (12) විවේක දින­යක් වන අතර, තර­ගා­ව­ලියේ ඉතිරි තරග අනිද්දා (13) සිට ඇර­ඹෙන්නේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේ­දීය.

 

කැන්ඩි ෆැල්කන්ස් – 187/9 (ඕවර 20) ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 69, දිනේෂ් චන්දි­මාල් 32, ඇන්ජලෝ මැතිව්ස් 29, රමේෂ් මෙන්ඩිස් 28 (ප්‍රභාත් ජය­සූ­රිය 30/3, ඩ්වේන් ප්‍රිටෝ­රි­යස් 37/2)

ගෝල් මාර්වල්ස් – 188/2 (ඕවර 19.2) ඇලෙක්ස් හේල්ස් නොදැවී 86, භානුක රාජ­පක්ෂ නොදැවී 46, නිරෝ­ෂන් දික්වැල්ල 25

The post ගාලු ක්‍රීඩ­කයෝ කඩුලු 8කින් ජය ගනිති appeared first on දිනමිණ.

  • Related Posts

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට
    • July 13, 2024

    පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ පව­සති. අද සිට මේ 21 වැනිදා දක්වා එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී…

    Continue reading
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ
    • July 13, 2024

    සංචා­රක ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සහ එංග­ල­න්තය යොවුන් කණ්ඩා­යම අතර වෝර්ල්ම්ස්ලි­හිදී පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. මේ තර­ගයේ පළ­මුව පන්දු­වට…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 22 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 11 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 10 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට