ජනප්‍රිය ගායකයෙක් සහ නළුවෙක් ඇතුළු 7ක් මරන්න කංජිපානි හා ලොකු පැටී කළ සැලසුමක තොරතුරු එළියට

  • news
  • July 11, 2024

පාතාල ලෝකයේ‍ ප්‍රබල නායකයන් ලෙස සැළකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබී ඇතැයි ජාතික පුවත් පතක් වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු හත්දෙනා පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි නොදුන්නේ යැයි කියමින් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.

ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන මෙම ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහිපදෙනකු මීට වසර කිහිපයකට ඉහත දී පාතාල පාර්ශවයක් සංවිධානය කළ උත්සවයකට සහභාගි වීමට ඔවුන් සැඟව සිටින රටට ද ගොස් ඇති බව කියති.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුවගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, මෙවැනි ආරංචියක් පැතිරයමින් පවතින බවයි.

සැලැස්මේ ඇත්ත නැත්ත දැනගැනීමට සොයාබැලීමක් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා කරගෙන යන බවද තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතන සැලැස්ම සකස් කරනු ලැබුවේ ද කංජිපානී සහ ලොකු පැටී නමැති පාතාල නායකයන් දෙදෙනා බව තහවුරු කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

The post ජනප්‍රිය ගායකයෙක් සහ නළුවෙක් ඇතුළු 7ක් මරන්න කංජිපානි හා ලොකු පැටී කළ සැලසුමක තොරතුරු එළියට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

 

  • Related Posts

    රජයේ ඉඩම්වල පදිංචි රණවිරුවන්ට සින්නක්කර ඉඩම් ඔප්පු 
    • July 13, 2024

    මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ…

    Continue reading
    බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්
    • July 12, 2024

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    Agri don stresses need for strategic planning to manage surplus as SL aims to double paddy harvest by 2027

    • By
    • July 13, 2024
    • 5 views

    Lanka can use municipal solid waste to produce 10 tonnes of hydrogen daily – Engineering expert

    • By
    • July 13, 2024
    • 10 views

    K. Parinda Ranasinghe appointed as the 49th Attorney General of Sri Lanka

    • By
    • July 13, 2024
    • 9 views

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views
    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views
    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views
    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට