මට මාකේස් සහ රුෂ්ඩි ඉතාම තදට බලපෑවා

– මනරම් උපසංස්කෘතිය ගවේෂණය කරන්න මට බරපතළ ආසාවක් ආවා
– සම්මාන උළෙලවල් පොත් කර්මාන්තයට අත්‍යවශ්‍යයි

තරිඳුට ලිවීමෙි උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම?

මට මතක ඇති කාලේ ඉඳන්ම ලියන පිස්සුව තිබ්බා. මගේ ළමා විය පුරාම විසිරිලා තියනවා මම ජීවිතේ එදිනෙදා අත්දැකපු දේවල් පාදක කරගෙන එක එක නිර්මාණ කරන්න ගත්තු සුරතල් සහ හාස්‍යජනක උත්සාහයන්. අපේ අම්මා සහ අසල්වැසියන් පවා අදටත් ඒ දේවල් මතක් කරනවා. මඩොල්දූව සහ ටින්ටින් පොත් මාලාව මගේ ළමා කාලයේ නිර්මාණකරණ උත්සාහය උත්තේජනය කරන්න දැවැන්ත දායකත්වයක් දීපු පොත්. ඒ කාලේ මම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න ප්‍රසිද්ධ අමතර පන්තියකට ගියා. ඒ පන්තියේ ගුරුවරයාත් කියවීමට ළමයින්ව සෑහෙන්න උනන්දු කරපු කෙනෙක්. එයාගේ මඟපෙන්වීම මට කියවන්න වගේම ලියන්නත් උත්තේජනයක් වුණා මතකයි.

තරිඳුගේ අලුත්ම නවකතාව තමයි ”ඇල්බටිවරුද මනුෂ්‍යයෝය” කියන්නේ…මොකක්ද මෙි නවකතාවට පසුබිම වෙන්නේ?…කවුද මෙි ඇල්බටිවරු කියන්නේ?

ඇල්බට්වරු කියන්නේ සහෝදරයෝ හය දෙනෙක්. ඒ සහෝදරයන්ගේ ජීවිතවල එදිනෙදා සිදුවීම්, වළවල් කපාගැනීම් සහ වළවල් තුළට වැටීම් ආදිය තමයි මේකේ තියෙන්නේ. ඒ අතරේ අනපේක්ෂිත විදිහට බාහිර කතාවක් මෙයාලගේ කතාවලට මැදිහත් වෙනවා. ඒ කතා දෙක එකිනෙකට බලපෑම් කරමින් අවසානය දක්වා යනවා. මම සාමාන්‍යයෙන් ලියන්නේ සමකාලීන ජීවිතයේ අපූරු අවුල්සහගත බව ගැන. අවශ්‍ය නම් කෙනෙකුට කියන්න පුළුවන් මේකත් එහෙම ලිවීමක් කියල. ඒ සියල්ල එක්ක, අපේ පැවැත්ම ගැන එක්තරා ප්‍රශ්නයක් අහන්න මට ඕනකම තිබ්බා. මේ නවකථාව මම ඒ ප්‍රශ්නය අහපු විදිහ කිව්වත් වරදක් නෑ.

ඔබ වාහනවලට, විශේෂයෙන් කාර්වලට දැඩි ආශාවක් තියෙන අයෙක්. ඔබගේ බිලොග් අඩවියක් පවා තියෙනවා ‘කාර් පිස්සුව’ නමින්. ඒ බිලොග් ලියවිලි අවසානයේ කෘතියකට පවා පෙරළෙනවා. මේ කාර් පිස්සුව ඔබෙි ජීවිතයට එන්නේ කොහොමද?

මේක සෑහෙන්න දිග කථාවක්. කෙටියෙන් කියනවා නම්, මගේ පළවෙනි වාහනය විදිහට මම පාවිච්චි කරපු වාහනයේ එක්තරා අලුත්වැඩියාවක් කරන්න සිද්ධ වුණු අවස්ථාවකදී මම ලංකාවේ වාහන කර්මාන්තය ආශ්‍රිතව තියන එක්තරා උගුලකට අහුවුණා. ඒ උගුලෙන් ස්වෝත්සාහයෙන් ගොඩ ආවට පස්සේ, මේ මනරම් උපසංස්කෘතිය ගවේෂණය කරන්න මට බරපතළ ආසාවක් ආවා. කොහොමත් ඉස්සර ඉඳන්ම ෆොක්ස්වැගන් බීට්ල් කියන වාහන මාදිලිය ගැන මගේ හිතේ ආසාවක් තිබ්බා. අන්තිමට මම මගේ ලාන්සර් බොක්ස් එක විකුණලා බීට්ල් එකක් ගත්තා. ඒ වැඩේ නතර වුණේ තවත් ක්ලැසික් වාහන හය හතක් වරින් වර අරගෙන.

‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ නවකතාව කියන්නේ ලංකාවෙි පාඨකයන්ට කියවීමෙි ආශාවක් ඇති කරපු අතිශය ජනප්‍රිය වුණ කතාවක්. තරිඳුගේ ජීවිතයේ කොටසක් වුනු කාර් සංස්කෘතිය ඒ නවකතාවට බලපෑවෙි කොහොමද?

මම කලින් කියපු විදිහට වාහන එකින් එක ගන්නකොට, ඒවා හදනකොට සහ පදිනකොට මගේ ජීවිතයේ කථා ගොඩගැහෙන්න ගත්තා. ලංකාවේ කාර් සංස්කෘතියේ විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ලංකාවේ සමාජයේ ආලෝකවත් තැන් වගේම අඳුරු තැන් මට පේන්න ගත්තා. ඒත් එක්කම, බ්ලොග් එකත් එක්ක මට අලුත් ලිවීම් රටාවක් හැදෙමින්, දියුණු වෙමින් සහ ජනප්‍රිය වෙමින් තිබුණා. ‘වයර් පොටක සෞන්දර්ය’ කියන මගේ පළවෙනි නවකථාව එක්ක මම කරපු අත්හදා බැලීමත් එක්තරා විදිහකට සාර්ථක වුණා. ඒ අනුව තමයි මම මගේ දෙවැනි නවකථාව වෙන ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ ලිව්වේ.

ඔබෙි නවකතාවලට පාඨකයක්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පුදුමාකාර විදිහට යහපත්. සමහර දේවල් මට තාමත් හිතාගන්න බැහැ උදාහරණයක් විදිහට මගේ අලුත්ම නවකථාව ‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’ එළිදකිනවා කියල නිවේදනය කළාම ලැබුණු ප්‍රතිචාර වගේම, ඒක වෙළඳපොළට නිකුත් කළාම ඒක මිලදීගන්න පාඨකයෝ පෙන්නපු උනන්දුව මාව විස්මයට පත්කළා. තාමත් ඒ විස්මය පහවෙලා ගිහින් නැහැ. මම සාමාන්‍යයෙන් සතුට හංගන කෙනෙක් නොවන නිසා, මම මේ දවස්වල ඉන්නේ කුප්පමේනියා ගහක් හම්බුණු පූසෙක් වගේ.

2021 වසරේදී ජිවිතයේ ඔයිල් පැල්ලමි නවකතාව ස්වර්ණ පුස්තක සමිමාන අවසන් කෘති පහ අතරට පවා නිර්දේශ වුණා. ලංකාවෙි කෘති සඳහා පිදෙන සමිමාන උළෙලවල් ගැන බහුතරයක් දෙනා අතර තියෙන්නේ දැඩි විවෙිචනයක්. සමිමාන උළෙලවල් ගැන තරිඳුගේ අදහස මොකක්ද?

සම්මාන උළෙලවල් කියන්නේ පොත් කර්මාන්තයට අත්‍යවශ්‍ය දෙයක්. ඒක දිහා අපි සුභවාදීව බැලිය යුතුයි කියල මම හිතනවා. ප්‍රශ්න තියනවා තමයි. නමුත් ඒවායින් ඒ වගේම යහපතක් වෙනවා. උදාහරණයක් විදිහට මගේ ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ පොත ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ නිර්දේශ නොවුණා නම් මට ඒක පාඨකයන් අතරට ගෙනයන එක දුෂ්කර වෙන්න ඉඩ තිබුණා. ඒ වගේ සම්මත ශෛලියට පිටින් ලියැවුණු පොතක් අවසන් වටය දක්වාම ගෙන එන්න ඒ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය සහ සංවිධායක මණ්ඩලය තීරණය කිරීමම සුවිශේෂී දෙයක් විදිහටයි මම දකින්නේ. ඉහළ විනිවිදභාවයකින් යුතුව, විධිමත් ඇගයුම් ක්‍රමවේද අනුගමනය කරමින් සම්මාන උළෙලවල් පවත්වනවා නම්, ඒවායින් හොඳක් මිසක් නරකක් වෙයි කියල මම හිතන්නේ නැහැ.

සාමාන්‍යයෙන් තරිඳු නවකතාවක් ලියන්න පටන් ගන්නේ කොහොමද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද?

මම කිසිම සැලසුමක් ඇතුව ලියන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට තරු පිරිච්චි රෑක ප්ලේන්ටියක් බිබී කයියක් දාගෙන ඉන්න වෙලාවක එකපාරට අහස නිල් කරගෙන කෙටෙන තනි විදුලියක් වගේ, උන්හිටි ගමන් මගේ ඔළුවට කථා එනවා. ඒ අතරින් ගොඩක් ඒවා එසැණින් ඒ විදුලිය වගේම නිමිලා යනවා. සමහර ඒවා ටිකක් දුර ගිහින් මැකිලා යනවා. ඒ අතරේ ඇල්බට්වරු වගේ දශක දෙකක් විතර රැඳීලා කොහොම හරි අවසානය කරාම මාව ඇදගෙන යන කතාත් තියනවා. මගේ රැකියාව එක්ක මට විධිමත්ව ලියන්න වෙලාවක් වෙන්කරගන්න අමාරුයි. ඒ නිසා ඉඩ ලැබෙන හැටියට, පාදගන්න කාලමය අහුමුළුවල ඉඳන් තමයි මම ලියන්නේ. ගොඩක් වෙලාවට කතාවේ ඉදිරියට වැදගත් වෙන දේවල් ගැන කටුසටහන් මම අත්පිටපතේම අග ලියාගන්නවා. පස්සේ ඒවා පදනම් කරගෙන කතාව දිගට මවනවා සහ වවනවා. මම සාමාන්‍යයෙන් කතාවක් ඉවර කරන්න හදිස්සියෙන් දඟලන කෙනෙක් නොවන නිසා, සමහර වෙලාවට ලිවීමේ පීක් එකේ ඉන්නකොට ජීවිතේ අතිශය විඩාබර වෙන තරමක් දීර්ඝ කාලවල් එනවා. ඒත් වාසනාවකට දැන් මගේ පෞද්ගලික ජීවන වෘත්තය ඇතුළේ ඉන්න අයට ඒ ගැන හොඳ අවබෝධයක් තියනවා.

ඔබෙි නවකතාවල දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සංයමයෙන් යුතුව සමාජ නිරික්ෂණය. මහ පොළොවෙි පය ගහලා ජීවත් වෙන චරිත. මෙි සමාජ නිරික්ෂණය හරහා ඔබෙි ජීවිත අත්දැකීමි ලැබෙන පසුබිම මොන වගේද?

ඒක හොඳ නිරීක්ෂණයක්. ඇත්ත. මට ඉස්සර ඉඳන්ම සමාජය නිරීක්ෂණය කිරීම සහ මතුපිටින් නොපෙනෙන රටවල් සහ කතාවල් හඳුනා ගැනීම විනෝදයක් වුණා. ඒ වගේම මගේ මිත්‍රයෝ ගොඩක්ම සෘජුවම මහපොළොව එක්ක ගැටෙන මිනිස්සු. උදාහරණයක් විදිහට මගේ ජීවිතයට කථා උනන එක තැනක් තමයි අපේ ගෙවල් ආසන්නයේ තියන ත්‍රීවීලර් පාක් තුන. එයාලට දවසකට සිය ගාණක් මිනිස්සු හම්බවෙනවා. ඉතින් එයාලා එක්ක කතා කරනවා කියන්නේ අරාබි නිසොල්ලාසය දිගඇරගන්නවා වගේ දෙයක්. ඒ වගේම ගරාජ්වල ඉඳන් හාඩ්වෙයාර් සහ සිල්ලර කඩ දක්වාම මට කතා උල්පත් සපයන තැන්. පසුබිමට මුහුවෙලා බලා ඉන්න පුළුවන් නම්, මිනිස්සුන්ගේ ෆිල්ටර් රහිත නිමේෂයන් දැකගන්න පුළුවන්. මේ තැන්වලදී මම ගොඩක් වෙලාවට ඒක කරනවා. ඒ නිමේෂයන් තමයි මගේ නවකතා පොත් තුන පුරාම විසිරිලා තියෙන්නේ.

වර්තමානයේ ලංකාවෙි බහුතර පාඨකයන්ට සාහිත්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් සහ හරියාකාර විචාරයක් නෑ කියලා කියුවොත්…ඊට ඔබ එකඟද? මොකක්ද ඒ පිළිබඳ ඔබෙි අදහස?

මම හිතන්නේ නැහැ ඒක එච්චරම අපි වද විය යුතු කාරණයක් කියල. ඕක ඉස්සරම ඉඳන්ම තියන ජනප්‍රිය දුක් ප්‍රකාශයක් නේ. මම අවුරුදු විස්සකට විතර කලින් ඉස්සරලාම ලියන්න ගත්තු කාලේ පවා ඔය මැසිවිල්ල තිබ්බා. ඒත් ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය හොඳට පවතිනවා මට පේනවා. වසරකට අති දැවැන්ත පොත් ප්‍රමාණයක් ඇවිල්ලත්, කතාබහට ලක්විය යුතු පොත් බොහොමයක් කතාබහට ලක්වෙනවා. ග්‍රන්ථ විචාර සහ ග්‍රන්ථ විවේචන ගැන කතා කරන්න මම එච්චර කැමති නැහැ. ඒත් මම හිතන්නේ නැහැ එතනත් ඒ හැටිම ගැටලුවක් තියනවා කියල. මේ කර්මාන්තය, දැවැන්ත සල්පිල් සංවිධානය කිරීමේ හැකියාව තියන කර්මාන්තයක්. ඉතින් වාණිජ පදනම තියනවා. ඉතාම සුළු උත්සහයක් ගත්තොත් අපි අකමැති බොහොමයක් දේවල් අපි කැමති පැත්තට හරවගන්න පුළුවන් කියල මම හිතනවා.

ඔ⁣බෙි නවකතා ලිවිමෙි ආඛ්‍යාන රටාව, ආකෘතිය, භාෂාව ඔබටම අනන්‍ය වුණ එකක්. ඔබෙි ලියවිලිවලට ආභාසය වුණ ඔබට බලපාන ලද වෙනත් කෘති හෝ පුද්ගලයන් කවුද?

මට මාකේස් සහ රුෂ්ඩි ඉතාම තදට බලපෑවා. ඒ දෙන්නම, හුදෙක් කතා කීමෙන් එහා ගිය, කතාව වගේම කතාව කියන විදිහත් වැදගත් බව පෙන්නලා දීපු ලියන්නෝ. කතාවක් කියන එක පොඩි දරුවෙකුට වුණත් කරන්න පුළුවන්. අවුරුදු තුනේ ළමයි පවා ලස්සනට කතා කියනවා. අභියෝගය තියෙන්නේ, පිටුවක් ගානේ පාඨකයන්ට උපරිම තෘප්තියක් එක්ක හිතන්නට දේවල් ලැබෙන විදිහට ලියන එක. ඒ අතින් මාකේස් සහ රුෂ්ඩි මට සෑහෙන්න වැදගත්. ඒ වගේම මාරියෝ වර්ගාස් යෝසාත් මාව සෑහෙන්න උත්තේජනය කරපු ලේඛකයෙක්. කාර්ලෝස් ෆුඑන්තේස් සහ මිලාන් කුන්දේරා ගැනත් මම සෑහෙන කාලෙක ඉඳන් උනන්දුයි.

ඔබ දැන් නවකතා ලියන්නේ ආත්ම තෘප්තියටද? නැතිනමි වෘත්තියක් විදියටද? කියලා ඇහුවොත්…මොකක්ද ඒ ගැන තියෙන අදහස?

ඇත්තෙන්ම මම ලියන්නේ ආත්ම තෘප්තියට. මගේ වෘත්තිය වෙන එකක්. නමුත් මට වෘත්තීය නවකතාකරුවෙක් වෙන්න පුළුවන් නම් මම ඒ අවස්ථාව පැනලා භාරගන්නේ. ලංකාවේ වෙළඳපොළ පොඩි නිසා වෘත්තීය නවකතාකරුවෙක් වෙන්න උත්සාහ කරන එකේ පොඩි අවදානමක් තියනවා. ඒ වගේම ලංකාව වගේ රටක වෙළඳපොළ පවත්වාගෙන යන්න කරන්න ඕන සමහර වතාවත් ගැන මගේ එච්චරම මනාපයක් නැහැ. ඒ නිසා ඉදිරියටත් බොහෝ දුරට මම ආත්ම තෘප්තිය එක්ක අමතර ආදායම් මාර්ගයක් විදිහට නවකථා ලියාවි.

  • Related Posts

    සිංහබාහු අද
    • July 11, 2024

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍ය උදෑසන දර්ශන වාර දෙකක් අද මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.   මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා…

    Continue reading
    ත්‍රිපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්
    • July 11, 2024

    ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන බැසිල් කුරේ, ගාමිණි අබේකෝන් හා දයාන් කොටිටචිචි විසින් පවත්වනු ලබන ‘ත්‍රි ර්ඒව්ඒ’ චිත්‍ර ප්‍රදර්ශනය හෙට 12 වැනි දා පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදි විවෘත කෙරෙන…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා