මම මාධ්‍යවේදි‍ෙයක් වුණේ සිනමාවට තිබූ ආසාව නිසයි

– ලංකාවේ තරුණයන්ගේ පළමු පුවත්පතේ කර්තෘ වෙන්න ලැබීම අහම්බයක්
– මගේ පුවත්පත් කලාදිවියේ ගුරුවරයා ආතර් යූ. අමරසේන
– මම වඩාත් තෘප්තියක් ලැබූ චිත්‍රපටය සුදු අප්පච්චි
– ගාමිණී ෆොන්සේකා-සේන සමරසිංහ වගේ දැවැන්තයන් එක්ක වැඩකිරීම විශාල අත්දැකීමක්
– සත්‍යජිත් රායි, අකිර කු‍ෙරාසාවා, මනිරත්නම්, ස්පීල්බර්ග් වැන්නන්ගෙන් මගේ මනසට යමක් සටහන් කරගන්නවා
– සිනමාවට යමක් කළා කියා කෑගහපු බලකණුවලට සරසවි චිත්‍රාගාරයේ වහලයවත් හදාගන්න බැරිවුණා

ඉකුත්දා තිරගත කිරීම් ඇරඹි “සුදු අප්පච්චි” ඔබ කලකට පසු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂණයට පෙලඹීමට විශේෂ හේතුවක් තිබුණා ද…..?

ඔව්, විශේෂ හේතුවක් තිබ්බා. මම පසුගිය කාලයේ හරිම කාන්සියෙන් සිටියේ. ඉතින් අලුත් යමක් කළයුතුයි කියා සිතුණා. මගේ කැමරා අධ්‍යක්ෂවරයා වන මහේන්ද්‍ර සේනාරත්න එක්ක ගල්ගමුව ප්‍රදේශයට ගියා.ඔහු හොඳ කැමරා ශිල්පියෙක්, සංස්කාරකවරයෙක්.ගල්ගල්ගමුවේ, ඇහැටුවැව ප්‍රදේශයේ දර්ශනතලවල අපි ඇවිද්දා. දර්ශනතලවලට ආසා හිතුණා. ඒ නිසා “සුදු අප්පච්චි” අධ්‍යක්ෂණයට පෙලැඹුණා.

චිත්‍රපටය රූගතකිරීම් කළ කාලය සහ ප්‍රදර්ශනය වන කාලය අතර යම් කාලසීමාවක් ගතවුණා නේද…..?

ඔව්, “සුදු අප්පච්චි” රූගත කර බොහෝ කාලයක් වෙනවා. රූගතකිරීම් කාලයේ කොරෝනා තත්ත්වය ආවා. ඒත් සමඟ එහි රූගතකිරීම් නවත්වන්න සිදුවුණා. එනිසා රූගතකිරීම් කාලය හා ප්‍රදර්ශන කාලය අතර වසර 03ක පමණ කාලයක් ගතවී තිබෙනවා

ඔබේ අනෙකුත් චිත්‍රපට සමඟ සැසැඳීමේදී “සුදු අප්පච්චි” විශේෂවන්නේ කවර හේතු මත දැයි පැහැදිලි කළොත්….?

මම චිත්‍රපට 2යි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ටෙලිනාට්‍ය තමයි මම බොහෝ කළේ. “සුදු අප්පච්චි” එකපැත්තකින් විශේෂ වෙන්නේ මම වඩාත් තෘප්තියක් ලබපු චිත්‍රපටය මේක නිසා කියන්න පුළුවන්. රූගතකිරීම් කාලය මම හරිම සැහැල්ලුවෙන්, සතුටින් ගෙව්වේ. එයට හේතුවුණේ දර්ශනතලයේ තිබූ සුන්දරත්වය.ඒ සුන්දරත්වය එක්ක මට කුඩා ළමුන් වගේම ඇහැටුවැවේ ගම්මුන් සමඟත් වැඩකරන්න අවස්ථාව ලැබුණා. එය හරිම විශේෂ දෙයක් වුණා

මෙහි රූගතකිරීම් අවධිය මතකාවර්ජනය කළොත්…..?

රූගතකිරීම් කාලයේ අපට බොහෝ ප්‍රශ්නවලට මුහුණදෙන්න වුණා. ගාමිණී සමරකෝන් නමැති ප්‍රවීණ රංගන ශිල්පියා මට බොහෝ උදව් කළා. ඉෂාර වික්‍රමසිංහ වගේම ඇහැටුවැව ගමේ ළමුන්, ඒ ගමේ අම්මලා, තාත්තලා විශාල සහයක් දුන්නා. අවිෂ්ක තමයි එහි ප්‍රධාන ළමා චරිතය කරන්නේ. අවිෂ්කගේ අයියත් ඔහුගේ මවුපියන්, විශේෂයෙන් ශ්‍රීමතී විජේරත්න මහත්මිය විශාල ලෙස උදව් කළා. අනෙක ඒ ප්‍රදේශයට සවසට වනඅලි එනවා. දවල්ටත් පාරේ යනවා. එවැනි කරදරත් අපට තිබුණා. ඒ දරුවෝත් අරන් විශාල අභියෝගවලට මුහුණදෙමින් තමයි රූගතකිරීම් කාලය ගතකළේ. පිරිසක් එක්ක වැඩකරද්දී කරදරයක් වුණොත් ඒක මට මානසිකව බලපානවා. එවැනි ප්‍රශ්න නිසා සවස 5,6 වෙද්දි රූගතකිරීම් අවසන් කරන්නයි කටයුතු කළේ. රාත්‍රී රූගතකිරීම් ඉතා කලාතුරකින් කළේ.හරිම තිගැස්මකින් රාත්‍රී රූගතකිරීම් සිදුකළේ. ඒ ප්‍රදේශයේ වනඅලි මරණත් කිහිපයක් වුණානේ. රූගතකිරීම් කාලය හරිම අභියෝගාත්මක වුණා

“සුදු අප්පච්චි” ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරය කොතෙක්දුරට ග්‍රහණය කරගනීවි යැයි ඔබ සිතන්නේද…..?

එයට පැහැදිලි පිළිතුරක් දෙන්න අමාරුයි. සිනමා ප්‍රේක්ෂකාගාරය අද වෙද්දී බොහෝසෙයින් වෙනස්වෙලා. ප්‍රේක්ෂකයාගේ සිතට වදින්න යමක් කළොත් ප්‍රේක්ෂකයා දිනාගන්න හැකිවේවි කියා සිතනවා. එය පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. විශාල අභියෝග තිබෙනවා.

චිත්‍රපටයක් හදනවට වඩා අමාරුයි ප්‍රදර්ශනය කිරීම.

මෙහි රූගතකිරීම් යම් ප්‍රමාණයක් විදෙස්හිත් කළා නේද….?

ඔව්, ඉතාලියේ මෙහි දර්ශන කිහිපයක් රූගත කළා.ඉතාලිය හරිම සුන්දර රටක්. අනුර ප්‍රසාද් ජයසිංහ නමැති මගේ මිත්‍රයා එහිදී මට උදව් කළා. ඔහුගේ පුතා නිශේධ තමයි චිත්‍රපටයේ ගමේ දරුවාගේ වර්තමාන කාලය නිරූපණය කරන්නේ. ඉතාලියේදී සඳුන් හේවගේ නමැති කැමරා ශිල්පියාත් මට උදව් කළා.ඉතාලියේ රූගතකිරීම් කළේ ශීත කාලයේ

“සුදු අප්පච්චි” සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමේදී ඔබ කුමන කරුණු විශේෂයෙන් පදනම් කරගත්තේද….?

එහිදී මම බොහෝ කැමැති ශිල්පීන් යොදාගත්තා.ගාමිණී සමරකෝන්ට මම බොහෝ කැමැතියි. ඔහු මගේ කලින් චිත්‍රපටයකත් වැඩකළා. ඔහු වේදිකාවේ විශාල පරිචයක් සහිත නළුවෙක්. එවැනි රංගන ශිල්පීන් සමඟ වැඩකිරීම පහසුයි වගේම සුන්දර අත්දැකීමක්. ඔවුන්ගෙන් කිසිම කරදරයකුත් නැහැ. ගාමිණී සමරකෝන් වැනි අය ඔවුන්ගේ උපරිමය ලබාදෙනවා. ඉෂාර වික්‍රමසිංහත් ඇත්තෙන්ම මෙහිදී විශාල කැපකිරීමක් කළා. ඔහුත් මගේ “ඉර සේවය” චිත්‍රපටයේ රඟපෑවා. ඒවගේම එහි රඟපෑමට ඉෂාර සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම නැඟී එන නළුවාට බවට පත්වුණා. ඔහු චරිතය තුළ ජීවත්වෙනවා. රූපා පතිරණ එක්ක වැඩකළේ පළමුවරට. ඇගේ උපරිමය නිර්මාණයට ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා. රංජිත් රණසිංහ, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න යනාදීන් මීට පෙර මා සමඟ වැඩකර තිබෙනවා.

ඔබේ කලා දිවියේ ආරම්භය සිදුවූයේ කෙසේද….?

කලා දිවියේ ආරම්භය සිදුවෙන්නේ පාසල් කාලයේදීයි. මට නිශ්චිත අරමුණක් තිබුණේ නැහැ. ඒත් ලිවීමේ දක්ෂතාවක් තිබුණා. කුඩා කාලයේ බොහෝ පොත්පත් කියෙව්වා. නාට්‍ය, චිත්‍රපට නැරඹුවා. සෑම පොතක්ම වගේ අත්නොහැර කියෙව්වා. මුලින්ම “මිහිර” පත්තරයට ලිව්වා. ඒ ලිපි පළවීමත් එක්ක මට විශාල උත්තේජනයක් ලැබුණා. මගේ මුල්ම කෙටිකතාවත් “මිහිර” පත්තරේ පළවුණේ.. ඔය අතර තමයි තිමති වීරරත්න හමුවුණේ. සිනමාවට ඇල්මක් තිබූ නිසා ඔහු සමඟ එක්වී ඔහුගේ “සංගීතා” චිත්‍රපටයට දැන්වීම් ලියන්න සම්බන්ධ වුණා. ඒ අතර මම තිමතිට කිව්වා ආතර් යූ. අමරසේන මහතා ළඟට යන්න ලියුමක් දෙන්න කියලා. ඔහු ඉතා කැමැත්තෙන් ඒ ලිපිය දුන්නා..ඉන්පසු ආතර් යූ. අමරසේන මහතා මට ටිකෙන්ටික ගොඩනැඟෙන්න අවස්ථාව ලබාදුන්නා. ඔය අතරම සේන සමරසිංහයන්ගේ “චංචල රේඛා” චිත්‍රපටයේ වැඩකරන්නත් අවස්ථාව ලැබුණා. එහිදි මට ප්‍රශ්නයක් වුණේ මාසයක් විතර ලොකේෂන්වල ඉන්න වීම. එතකොට මට රැකියාව අතහරින්න වෙනවා. ඒ කාලයේ මම බෝඩිමක හිටියේ. මම ආතර් යූ . අමරසේන මහතාට කීවා “සර්, මට සේන සමරසිංහ අයියාගේ චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩකරන්න යන්න වෙනවා” කියලා. ඔහු එවිට කීවා”, ඒවා බොහෝම හොඳ වැඩ, ඒවාට යන්න. ඒවා ඉගෙනගන්න ඕන. ඔයා මට ලිපිනය දීලා යන්න” කියලා. “විශේෂාංග ලේඛකයෙක් ලෙස ලිපි ලියන්න ඔයාට පුළුවන් “කියලත් ඔහු කීවා. එහිදී මට ලැබුණු ධෛර්යය ඉතා වැදගත් වුණා මගේ කලා දිවියට. මාව වෘත්තිය පුවත්පත් කලාවේදියෙක් කළේ ආතර් යූ. අමරසේන මහතායි.ඔහුයි මගේ මාධ්‍ය දිවියේ ගුරුවරයා ලෙස මම සලකන්නේ .

සිනමා-ටෙලිනාට්‍ය දිවියේ සුවිශේෂී සංධිස්ථාන එහෙමත් ඇති…..?

එහෙම සංධිස්ථාන කියන්නත් බැහැ. ඒ සෑම කලා කටයුත්තක්ම කළේ මාධ්‍යවේදියෙක් ලෙස වැඩකරන ගමන්නේ. තරුණයා පත්තරේ කර්තෘ ලෙස සිටියදීයි ටෙලිනාට්‍ය-චිත්‍රපටවලට සම්බන්ධ වුණේ. එහිදී මට විශාල ප්‍රශ්න රැසකට මුහුණදෙන්න වුණා.රැකියාවට පවා විශාල ප්‍රශ්න ඇතිවුණා. ඒත් චිත්‍රපට, ටෙලිනාට්‍යවලට තිබූ ආසාව අඩුවුණේ නැහැ.

චිත්‍රපට-ටෙලිනාට්‍ය යන මාධ්‍ය ද්විත්වයේ අධ්‍යක්ෂණ කාර්යයෙහි ඔබ දකින සුවිශේෂතා මොනවාද ….?

චිත්‍රපට, ටෙලිනාට්‍ය කියන මාධ්‍ය දෙකේ මා දකින විශේෂත්වය නම් ටෙලිනාට්‍ය කරන්න ගියාම කොටස් ගණනක් රූගත කළ යුතුයි. එය හරිම ඒකාකාරියි. අලසයි.. එයින් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. එය වාණිජකරණය වූ දෙයක්.චිත්‍රපට කරද්දි එහෙම නැහැ. එහිදී අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. චිත්‍රපටයට සීමිත කාලයක් තිබෙන්නේ. ඒ වගේම එය අභියෝගාත්මකයි. ප්‍රේක්ෂකයන් ගෙන්වගන්නත් ඕන. චිත්‍රපට, ටෙලිනාට්‍ය කරද්දි මම ව්‍යාපාරික අරමුණින් නෙවෙයි කරන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මට සෑහීමකට පත්වෙන්න හැකි ලෙස කිරීමයි.

අධ්‍යක්ෂණ කාර්යයෙහිලා ඔබ ආභාසය ලැබූ විදෙස් අධ්‍යක්ෂවරුන් ගැන පැහැදිලි කළොත් ….?

ඔව්, මම ඉංග්‍රිසි චිත්‍රපට වගේ සෑම විදෙස් චිත්‍රපටයක්ම නරඹනවා තෝරාගැනීමකින් තොරව.ඉංග්‍රිසි චිත්‍රපට මට බලපාන්න ඇති. මම අධ්‍යක්ෂණය කරද්දී ෂොට්ස් හෙවත් රූප බොහෝ යොදාගන්න බලනවා. එය ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමෙන් ලද ආභාසය වෙන්න පුළුවන්. අකිර කුරසාවා වගේ විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටයක් නරඹද්දි පෙනෙනවා ඔහුගේ රූපරාමු ෆාස්ට් කටින් (Fast Cutting) හෙවත් ඉක්මනින් ඡේදනය වෙන්නේ නැහැ කියා.අකිර කුරසාවා, සත්‍යජිත් රායි , ස්පිල්බර්ග්, මනිරත්නම් වැනි අධ්‍යක්ෂවරුන්ට මම කැමැතියි. රීඩ් ලිස්කොට් වැනි අධ්‍යක්ෂවරුන්ටත් කැමැතියි. ඔහුට අවුරුදු අසූ ගණනක් වෙනවා. ඔහුගේ චිත්‍රපටවල ගලායෑමට මම කැමැතියි. එහෙම අධ්‍යක්ෂවරුන්ට කැමැති වුණා කියලා මම රායි වගේ, මනිරත්නම් වගේ වෙන්න ඕන කියලා නැහැ. ඒ සෑම අධ්‍යක්ෂවරයෙක්ම අපේ මනසට යමක් සටහන් කරනවා. අපි එක්වරම චිත්‍රපට කරන්නේ නැහැ, පොත් ලියන්නේ නැහැ.මුලින්ම ඒවා නරඹනවා, කියවනවා. ඒවගේ තමයි ඒ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ නරඹා මම මගේ මනසට යමක් ගන්නවා.

අන්තර්ජාතික මට්ටමින් සම්මානයට ලක්වන තරුණ අධ්‍යක්ෂවරුන් අද බිහිවෙනවා සිටිනවා. අන්තර්ජාතික තලයට ලාංකේය සිනමාව විවරවීම පිළිබඳ ඔබේ දෘෂ්ටිය කවරාකාරද ….?

තරුණ අධ්‍යක්ෂවරුන්ට අන්තර්ජාතික සම්මාන හිමිවීම ගැන සතුටුයි. ඒක වියයුතු දෙයක්. තරුණ අය ක්ෂේත්‍රයට එන්න ඕන. අපේ චිත්‍රපට අන්තර්ජාතික තලයට විවර වෙනවා තමයි, කොහේහරි ගියාම ඉන්දීය අධ්‍යක්ෂවරුන්, නළුනිළියන් වගේ අපට කියන්න නම් තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. රාජ් කපූර්, අමිතාබ් භච්චන්, ෂාරුක් ඛාන් වගේ නම් ලෝකයාම දන්නවා. එහෙම පිරිසක් ලංකාවේ නැහැනේ. තරුණ අධ්‍යක්ෂවරුන් ඒවගේ නමක් තියාගන්නවා නම් සතුටුයි

අද වෙද්දී Netflix, you tube වැනි නවීන තාක්ෂණය සමඟ සිනමාව වෙනස්ම මාවතක ගමන් කරමින් පවතිනවා. එකී පරිවර්තනය ඔබ දකින්නේ කෙසේද….?

Netflix, you tube වගේ නවීන තාක්ෂණය අපට නොසලකා ඉන්න බැහැ. දැනට වසර 25-30කට පෙර චිත්‍රපට කළ විදිහට නෙවෙයිනේ අද චිත්‍රපට කරන්න වෙලා තියෙන්නේ. අපි ඉස්සර රීල් උස්සගෙන, සෙලෝටේප් අරගෙන, මාර්ක පෙන් අරගෙන තමයි චිත්‍රපට සංස්කරණ කටයුතු කළේ..ඊට පස්සේ නෙගටිව් කටින් කියලා වැඩකොටසක් තිබ්බා. අද එහෙම තත්ත්වයක් නැහැ. අද නවීන තාක්ෂණය නිසා ලෙහෙසියෙන් චිත්‍රපට කරන්න පුළුවන්. ඉන්දියාවේ ඇතැම් සම්මානනීය අධ්‍යක්ෂවරු චිත්‍රපට ශාලාවල නෙවෙයි චිත්‍රපට පෙන්වන්නේ. ඒවාට කියනවා ඕ.ටී.ටී. කියලා. ඒ නවීන තාක්ෂණයට අනුගතවෙනව හැර වෙන කරන්න දෙයක් නැහැ. “සුදු අප්පච්චි” තිරගත කරද්දිත් තේරුණා දැන් ක්‍රමය වෙනස් කියලා. “සුදු අප්පච්චි” තිරගත කරන ශාලාවලින් අපට කියනවා. දැන් ගොඩක් එන්නේ ඔන්ලයින් බුකින් කියලා. ඉස්සර තොරණ වගේ චිත්‍රපට කට්අවුට් ගහනවා. දැන් එහෙම නැහැ. ඒවා ඔන්ලයින් තාක්ෂණයෙන් වෙන්නේ. අද වෙද්දි Netflix, you tube විශාල ලෙස ප්‍රේක්ෂකයා අතරට ගිහිල්ලා.

ඔබේ පළමු චිත්‍රපටය ඔබට අහිමිවුණා නේද….?

මගේ පළමු චිත්‍රපටය කරන්න ලැබෙන්නේ නැහැ. වසර 25කට පමණ පෙර එය පටන්ගත්තේ අමරසිරි කලංසූරිය, වසන්ති චතුරාණි, විල්සන් කරු, දෙනවක හාමිනේ වගේ අයත් එක්ක. පෞද්ගලික කාරණා සහ විවිධ අභියෝග නිසා ඒ චිත්‍රපටය නැතිවුණා. චිත්‍රපටය විනාශවෙලා ගියේ මේ කර්මාන්තයේ තිබෙන වැරැද්ද නිසා. සරසවිය ස්ටුඩියෝවේ තිබූ ඒ දේවල් නැතිවුණා. නෙගටිව්, පොසිටිව් නැතිවුණා. අද අපේ චිත්‍රපටයක් අවුරුදු 15ක් 20ක් තියාගන්න විදිහක් නැහැ. නෙගටිව්, පොසිටිව් දාලා තිබූ කබඩ් එක තෙමෙන්න ගත්තා. සරසවි චිත්‍රාගාරයේ වහලයවත් හදාගන්න බලධාරීන්ට ඕනකමක් තිබ්බේ නැහැ. එහි වායු සමීකරණය කැඩිලා තිබ්බේ.. ඒවා හැදුවේත් නැහැ. මහලොකුවට සිනමාව ගැන කතා කරපු ඇතැම් නළුනිළියන්, මහාබලකණු සිනමාව වෙනුවෙන් කිසිවක්ම කර නැහැ. සරසවි චිත්‍රාගාරයේ වහලයවත් මේගොල්ලන්ට හදාගන්න බැරිවුණා.

එකල ගාමිණී ෆොන්සේකා, සේන සමරසිංහ වැන්නන් සමඟ ඔබ වැඩකළා…කොහොමද ඒ අත්දැකීම්….?

ඔවුන් දෙදෙනා සමඟ වැඩකිරීමට ලැබීම විශාල සතුටක්. ඒ මතක මිහිරියි වගේම හොඳ අත්දැකීම්. ගාමිණී ෆොන්සේකා කියන්නේ මෙරට පමණක් නොව විදෙස් රටවල දැවැන්තයන් සමඟත් කරටකර රඟපෑ හැකි නළුවෙක්. ඔහු ඉංග්‍රිසි භාෂාව ඉතා විචක්ෂණව හසුරුවන්නෙක්. ඔහු නිතර පොත් කියවනවා. අත්දැකීම් බහුල වගේම ආකර්ෂණීය රංගධරයෙක්. සේන සමරසිංහත් හරිම නිහතමානී චරිතයක්. මම ඔහුව හමුවීමට ගිය මුල් දවසේ තිරපිටපත මට පෙන්වලා කැමරාව තැබිය යුතු තැන් ගැන ඉතා කාරුණිකව පැහැදිලි කළා. දවසක් ගාමිණී ෆොන්සේකා මට කතාකරලා ඉංග්‍රීසියෙන් කිව්වා “කවුද අර තට්ට මිනිහා, එයා අයි.ආර්.සී. කාරයෙක් වගේ.මම කැමැති නැහැ අයි.ආර්.සී.කාරයෝ එක්ක වැඩකරන්න. ඔහුට දර්ශනතලයෙන් යන්න කියන්න” කියලා. මම ඒක සේන සමරසිංහ අයියට කිව්වා. ඔහු කිව්වා “ගාමිණී කියනවානම් යන්න කියන්න “කියලා. පසුව ඒ තට්ටය සහිත පුද්ගලයා මට බැන්නා “තමුසෙව මම අල්ලගන්නම්” කියලා. බලද්දී ඔහු තමයි සිසිර කුමාරතුංග. ඒ චිත්‍රපටයේ ප්‍රධාන සහය අධ්‍යක්ෂ කුමාරදාස වාගිෂ්ට. ඔහු මට කිව්වා “උඹත් ගාමිණීගේ ලණු කනවනේ”කියලා. ඒවගේ සුන්දර මතක රැසක්ම තිබෙනවා

විදෙස්හි ඔබේ ටෙලිනාට්‍ය රූගතකිරීම් කරද්දී ඔබට එරටවල සිටි මිතුරන් උදව් කළා නේද…..?

විදෙස්හි රූගතකළ පළමු ටෙලිනාට්‍යය “හේමන්තයේ වසන්තයක්”. ඒ එංගලන්තයේ. ශ්‍රියාණි අමරසේන තමයි අපිව එක්කගෙන ගියේ, ඇය එහි නිෂ්පාදිකා. එහිදී රමේෂ් ඒකනායක මතක් කළයුතුයි. ඔහු විශාල උනන්දුවක් ගත්තා මට අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන්න. ඒ වගේම අනුර හෑගොඩ මගේ පරණ මිතුරා, විමල් අලහකෝන්, ලීලානි පෙරේරා, ප්‍රේමා ගනේගොඩ වැනි පිරිස මට සහයෝගය දුන්නා. විමල් අලහකෝන් මා එක්ක චිත්‍රපට 02ක් කළා.

පුවත්පත් කලාවේදියෙක් ලෙස ඔබේ ආරම්භය සිහිකළොත්…..?

මගේ දිවීයේ වැඩි කාලයක් ගතකළේ පුවත්පත් කලාවට. මම පුවත්පත් කලාවේදියෙක් වෙන්නේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ඕන නිසා. ඒක දිගින්දිගටම ගිහින් “සලරුව” නමැති සිනමා පුවත්පතක කර්තෘ වෙන්න ලැබුණා. එහි මාස 03ක් වගේ වැඩකළා..ඉන්පසු මට රැකියාවක් නොමැතිව සිටිද්දි විජය පුවත්පත් ආයතනයට ආවා නිදහස් ලේඛකයකු ලෙස ලිවීමට. එකල තමයි “තරුණයා” පුවත්පත පටන්ගන්න සූදානම් කර තිබුණේ. කිත්සිරි සමරනායකව තමයි “තරුණයා” කර්තෘ ලෙස තෝරාගෙන තිබ්බේ. ඔහු සමඟ එකතුවී අපි වැඩකළා. ඔහු පත්තරය ආරම්භයට මාසයකට පෙර හදිසි අනතුරකින් මියගියා. ඉන්පසු මට “තරුණයා” කර්තෘවෙන්න ලැබුණා. ලංකාවේ තරුණයන් වෙනුවෙන් කළ පළමු පුවත්පතේ කර්තෘවරයා බවට පත්වෙන්න මට අවස්ථාව ලැබුණා ..ඒක හරිම අහම්බයක්

ඔබ තුළ සැඟව සිටින ගීපද රචකයා ඉස්මතු වූවා මදි යැයි විටෙක මට සිතෙනවා …..?

සෑම ක්ෂේත්‍රයකම මුල් තැනට අපට එන්න අමාරුයි. මම ගීත ලියන්නේ මගේ තෘප්තිය සඳහායි. ගීත ලියන්න අවස්ථා රැසක්ම ආවත් ඒවා අත්හැරි අවස්ථා තිබෙනවා. “සත්වෙනි දවස” චිත්‍රපටයට ගීතයක් ලියන්නත් මල්කාන්ති නන්දසිරි අක්කගේ අම්මා රෙජිනා පීරිස් මහත්මියගේ ඉල්ලීමකුත් ආවා.. ගීත රචකයෙක් ලෙස ඉදිරියට එන්න ඕන කියලා ආසාවක් තිබ්බේ නැහැ. මම ලිව්ව සමහර ගීත ජනප්‍රිය වුණා, සමහර ඒවා මමවත් අහලා නැහැ, සමහර ඒවා මට මතකත් නැහැ. විජය කුමාරතුංග ගයන “කරඹ යායේ”, නිරෝෂා විරාජිනී ගයන “සඳ රාජිණී”, ජගත් වික්‍රමසිංහ ගයන “සාගර තරංගා”, රෝහණ බෝගොඩ ගයන “සියොතුන් ඉගිළ ගියා”, නාමල් උඩුගම ගයන “පෙම් සිහිනේ” වැනි මා ලියූ ගීත ජනප්‍රිය වුණා. ඔබ කියන ලෙස ගීපද රචනයෙන් මම ඉස්මතු වුණා මදි තමයි.

රංගන ශිල්පියාගේ භූමිකාවට ජීවය දෙන්න අදහසක් නැද්ද …..?

අනේ නැහැ. රංගන ශිල්පියෙක් වෙන්න නම් අදහසක් නැහැ. මුල් කාලයේ ප්‍රසන්න විතානගේ, පද්මසිරි ප්‍රනාන්දු වගේ අපි කට්ටිය ගාමිණී හත්තෙට්ටුවේගම සහ හේමසිරි ලියනගේ යන අයගේ රංගන පාඨමාලාවකට සම්බන්ධ වුණා. ඒ දවසවල අපට රඟපාන්න යම් කොටස් දෙනවා. එවර ඒ පිරිස අතර මම හොඳම රඟපෑමටත් තේරුණා.

1990 දශකයේ ටෙලිනාට්‍ය සහ අද බිහිවන ටෙලිනාට්‍ය අතර වෙනස ඔබ දකින්නේ කෙසේද ….?

1990 දශකයේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණු පිරිසක් සිටියා. උදාහරණයක් ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජයන්, ආචාර්ය තිස්ස අබේසේකරයන් විශිෂ්ට ටෙලිනිර්මාණ අධ්‍යක්ෂණය කළා. ඔවුන්ට ඉතා ගුණාත්මක දැනුම් මට්ටමක් තිබුණා. සාහිත්‍යය, භාෂාව, විදෙස් සිනමාකරුවන්, නවරැල්ලේ අධ්‍යක්ෂවරු, ගීතරචනය ආදිය පිළිබඳ ඔවුන්ට පෘථුල දැනුමක් තිබුණා. ඔවුන් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යවල නිර්මණශීලීත්වය ඉතා ඉහළින් තිබුණා. එවැනි චරිත අද ඉන්නවද යන්න තමයි ප්‍රශ්නය…අද ජනප්‍රියත්වය මූලික කරගෙන චැනල් ජනප්‍රිය කරගන්න මොනවාහෝ දෙයක් කරනවා.

වේදිකාව තුළ ඔබේ භූමිකාව ස්ථානගත වනුයේ කවර තැනකද…..?

මම වේදිකාවට සම්බන්ධ වී නැහැ. වේදිකා නාට්‍යවලට ප්‍රියකරනවා, ඒවා බලනවා. වේදිකාවට එන්න අදහසක් තිබ්බේ නැහැ. මුල්ම කාලයේ මම වේදිකා නාට්‍යයක් කළා. එය හරිම වෙහෙසකරයි. එයින් ලැබෙන ප්‍රතිඵල වුණත් මදි කියා සිතෙනවා.

ග්‍රන්ථ කිහිපයක්ම ඔබ රචනා කළා…..?

පොත් ලියන්න මට විශේෂ වූ කරුණක් තිබ්බේ නැහැ. “තරුණයා” පුවත්පතට ඒකාලයේ මම ලිව්වා සංචාරක සටහන් පෙළක්. ඒවා ජනප්‍රිය වුණා .ඒවා සංරක්ෂණය කර තියාගන්න ඕනෙ කියන අදහසින් එය පොතකට කළයුතුයි කියා සිතුවා.

අද සිනමාවට එන නවකයන් පිළිබඳ ඔබේ දැක්ම මොනවගේද …..?

ඇත්තෙන්ම දක්ෂ නවකයන් ඉන්නවා. ඒවායේ විවිධ විවේචනත් තියෙනවා .ඒක වෙනම ප්‍රශ්නයක්..නවකයන් යම් වෙනසක් කරන බව පේනවා. ඔවුන්ගෙන් සමහරු විදෙස්හිත් ජනප්‍රිය වෙනවා. අපේ කාලයේ වගේ නෙවෙයි දැන් නවකයන්ට තිබෙන අවස්ථා වැඩියි.අපි ඒ කාලයේ චිත්‍රපට බලන්න තැන්තැන්වල ඇවිද්දා, තානාපති කාර්යාලවලට ගියා. දැන් නවකයන්ට තමන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන් චිත්‍රපට බලන්න විතරක් නෙවෙයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා සම්මාන උළෙලවලට පවා යවන්න තරම් තාක්ෂණය දියුණුවෙලා..

මාධ්‍යවේදියකු වීම ඔබේ කලා දිවියට පහසුවක් වෙන්න ඇති…..?

මාධ්‍යවේදියකු නොවුණානම් මට මේ කිසිදෙයක් නොලැබෙන්න තිබුණා. සිනමාවට, ටෙලිනාට්‍ය කලාවට, ගීත ක්ෂේත්‍රයට, එන්න අවස්ථාව ලැබුණේ මාධ්‍යවේදියකු වූ නිසා. සමහරවිට මම මාධ්‍යවේදියකු නොවී දිගටම චිත්‍රපටවල සිටියානම් තව නිර්මාණ කරන්න තිබ්බා. මාධ්‍යවේදියෙක් වෙන්නෙත් සිනමාවට තිබූ ආසාව නිසා. මුල්ම කාලයේ නවකතාකරුවෙක් වෙන්න අදහසකුත් තිබ්බා.

ඔබේ මාධ්‍ය දිවියේ ආරම්භක යුගයේ සහ වර්තමාන අතර මුද්‍රිත මාධ්‍ය කලාවේ පැහැදිලි වෙනස්කම් තිබෙනවා නේද…..?

බොහෝදෙනෙක් කියනවා මුද්‍රිත මාධ්‍ය අභාවයට යනවා කියලා. සමාජ මාධ්‍ය ප්‍රබලව නැඟීසිටීමක් අපි දකිනවා..අපි කුඩා කාලයේ පත්තරයක ලිපියක් පළවීම හරිම ලොකු දෙයක් වුණා. ඒක එකල ගමටම දැනෙන දෙයක් වුණා. මම මාධ්‍ය කලාවට ආව සමයේ රූපවාහිනිය තිබුණේ නැහැ. එකල තිබුණේ ගුවන්විදුලිය සහ පුවත්පත පමණයි. පුවත්පතකට සම්බන්ධ වීමත් එකල විශාල දෙයක්. ඒ කාලයේ පත්තරයකට සම්බන්ධ වීමටත් හරිම අමාරුයි. එකල තිබ්බේ ලේක්හවුස් ආයතනය, දවස ආයතනය, ලංකාදීප ආයතනය වගේ කිහිපයක් විතරයි. එකල පත්තර කන්තෝරු අඩුවෙද්දි මාධ්‍යවේදීන් අතර දැඩි තරගකාරීත්වයක් තිබුණා. එහි විශාල අගයක් තිබුණා. පසුකාලීනව බොහෝ පුවත්පත් බිහිවුණා. එය හොඳ දෙයක් ලෙසයි මමනම් දකින්නේ. දක්ෂතාව ඇති අයට අවස්ථාව ලැබුණා. ඉන්පසු පත්තර අතරත් තරඟයක් පටන්ගත්තා. ඒ අතර ආධුනික මාධ්‍යවේදීන්ට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා.

අත්දැකීම් සපිරි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් මාධ්‍යයේ අනාගතය කවරාකාරවේදැයි ඔබ අනුමාන කරන්නේද…..?

පුවත්පත් කලාව නැතිවෙන්නේ නැහැ. එය එහෙමම තියේවි. මම මාධ්‍යවේදියෙක් ලෙස තෘප්තිමත්ව කටයුතු කළ කාලයක් තිබුණා. පුවත්පත් කලාව අභාවයට යාවිද කියා සමහරුන් සිතනවා. එහෙත් එහෙම වෙනඑකක් නැහැ. තාක්ෂණය සමඟ එන අනෙක් සමාජ මාධ්‍යත් ප්‍රබලව තියේවි. අනාගතයේදී පුවත්පත් කලාව පෙර තිබූ මට්ටමින්ම තිබේදැයි ප්‍රශ්නයක් නම් තිබෙනවා.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

ඉදිරි නිර්මාණ ගැන නම් සිතලා නැහැ. තව චිත්‍රපටයක් කරන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටනම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒවා විකුණාගන්නත් අමාරුයි. ඊළඟට කරන්නේ මොකද්ද කියලා යම් හැඟීමක් තිබෙනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

  • Related Posts

    සිංහබාහු අද
    • July 11, 2024

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍ය උදෑසන දර්ශන වාර දෙකක් අද මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.   මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා…

    Continue reading
    ත්‍රිපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්
    • July 11, 2024

    ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන බැසිල් කුරේ, ගාමිණි අබේකෝන් හා දයාන් කොටිටචිචි විසින් පවත්වනු ලබන ‘ත්‍රි ර්ඒව්ඒ’ චිත්‍ර ප්‍රදර්ශනය හෙට 12 වැනි දා පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදි විවෘත කෙරෙන…

    Continue reading

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    වැඩි ලකුණු ඇති තණ­තිලි අපේ­ක්ෂා­වෙන් එල්පී­එල් කණ්ඩා­යම් කොළ­ඹට

    • By
    • July 13, 2024
    • 19 views

    ශ්‍රී ලංකා-එංග­ලන්ත යොවුන් සිව්දින තර­ගය ජය පැර­දුම් නෑ

    • By
    • July 13, 2024
    • 17 views

    කවීෂා එගො­ඩගේ සම­ඟින් එමීර් පිල ශ්‍රී ලංකා­වට

    • By
    • July 13, 2024
    • 18 views

    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    • By
    • July 13, 2024
    • 19 views
    ක්‍රීඩි­කාවෝ දෙදෙ­නෙක් එකම වාර්තාව අබි­බවා යති

    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    • By
    • July 13, 2024
    • 18 views
    ඇන්ඩ­ර්සන් යන්නම යයි

    නිව්ස්ටාර්-චැලෙ­න්ජර්ස් අව­සන් මහා තර­ගය ඉරිදා