ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්කකොට 15කගෙන් යුත් ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයක් තෝරා ගනියි. ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ හිටපු ක්‍රීඩිකාවන් 5ක් මෙවර එම සංචිතයට ඇතුළත්ව ඇති අතර, නවක ක්‍රීඩිකාවෝ රාශියක් ද සංචිතයේ වෙති. පාසල් වයසේ පසුවන ක්‍රිඩිකාවන් 4කට නෙට්බෝල් සංචිතයේ අවස්ථාව ලැබීම විශේෂත්වයකි. කොළඹ විශාඛා විදුහලේ අනුත්තරා කළුආරච්චි, මියුසියස් විදුහලේ මිනාගි කන්කානිගේ, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ චලනි නේෂා හා නතාෂා ඩයස් එම පාසල් ක්‍රීඩිකාවෝ වෙති.
ජාතික නෙට්බෝල් පුහුණුකාරිණී පි.ඩි.එන්. ප්‍රසාදි මහත්මිය යටතේ පුහුණුවීම් සිදු කරන නෙට්බෝල් පිල මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේදී ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට අමතරව තායිලන්තයේ දී නොවැම්බර් 22 සිට 28 දක්වා පැවැත්වෙන ගෘහස්ථ නෙට්බෝල් ශූරතාවලියකට ද සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය මෙසේය: ගයනි දිසානාය (එච්එන්බී), හසිතා මෙන්ඩිස්(එච්එන්බී), ගයාංජලී අමරව (එච්එන්බී), දුලංගි වන්නිතිලක (එච්එන්බී), රශ්මි පෙරේරා (ගුවන්), ශානිකා පෙරේරා (නාවික), සුසීමා බණ්ඩාර (යුද), ගයාත්‍රී කෞෂල්‍යා (යුද), තිසාලා අල්ගම (යුද), අනුත්තරා කළුආරච්චි (විශාඛා), මිනාගි කන්කානිගේ (මියුසියස්), චලනි නේෂා (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), නතාෂා ඩයස් (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), මාලි හෙට්ටිආරච්චි (සීඩීබී), සචිනි රොද්‍රිගු (සීඩීබී).
The post ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයට පාසල් ක්‍රීඩිකාවෝ 4ක් appeared first on දිනමිණ.