ප්‍රවීන් මනීෂගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ලකුණු 77ක වාසියක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
වෝර්ල්ම්ස්ලිහිදී පැවති මේ තරගයේ අවසන් දිනය වූ ඊයේ සවස තේ පානය සඳහා නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 2ක් දැවී ලකුණු 135ක් රැස් කර තිබිණි.
ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 45ක් සහ ගයන වීරසිංහ ලකුණු 32ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පන්දු 59කට මුහුණ දුන් ශාරුජන් හතරේ පහර 7ක් ඉනිමට එක්කරගත් අතර, ගයන පන්දු 67කදී හතරේ පහර 2ක් එල්ල කර තිබිණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස සදෙව් සමරසිංහ ලකුණු 20කට දැවී ගිය අතර, පුලිඳු පෙරේරා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 34ක් රැස් කර තිබියදීය.
ඊයේ දිනය ආරම්භ වන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 193ක් රැස් කර සිටි අතර, ඊයේ ක්‍රියාත්මක කළ පළමු ඕවරයෙන්ම සිය කඩුලු දඩයම ඇරඹූ ප්‍රවීන් මනීෂ ලකුණු 19ක් දෙමින් පිතිකරුවන් 5 දෙනකු දවාගත් අතර, ඉනිම ගොඩනැඟීමේ හුදෙකලා සටනක නිරතවූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කේෂණ ෆොන්සේකා ලකුණු 86ක් ලබා සිටියදී ශෙෂාන් මාරසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඔහු පන්දු 149කදී හතරේ පහර 13ක් එල්ල කර තිබිණි.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 324ක් රැස් කළේය.
දෙපිල අතර දෙවැනි සහ අවසන් සිව්දින තරගය මේ 16 වැනිදා චෙල්ට්න්හැම්හිදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා යොවුන් පිලේ පළමු ඉනිම – 324 (ඕවර 85.4) දිනුර කළුපහන 104, නාදන් කල්දෙරා 55, දිනිරු අබේවික්‍රමසිංහ 43, මහිත් පෙරේරා 22, විහස් තෙව්මික 19 (එම්.එච්. ෆ්‍රෙන්ච් 81/4, ඇලෙක්ස් ග්‍රීන් 36/2, නව්‍යා ශර්මා 59/2)
එංගලන්ත යොවුන් පිලේ පළමු ඉනිම
ජේඩ්න් ඩෙන්ලි ඇ.මනීෂ ප.කල්දේරා 6
ෆ්‍රෙඩී මැකාන් ස්ට.ශාරුජන් ප.තෙව්මික 92
කේෂණ ෆොන්සේකා ඇ.සදෙව් ප.මාරසිංහ 86
හම්සා ෂෙයික් ඇ.මාරසිංහ ප.තෙව්මික 1
නෝවා තායින් ප.මනීෂ 6
රොකී ෆ්ලින්ටොෆ් ඇ.කල්දේරා ප.මනීෂ 9
ජැක් කාර්නි ක.මු.ක. මනීෂ 4
ෆර්හාන් අහමඩ් නොදැවී 11
ඒ.එම්. ෆ්‍රෙන්ච් ප.මනීෂ 19
ඇලෙක්ස් ග්‍රීන් ක.මු.ක. ප.මනීෂ 0
නව්‍යා ශර්මා ප.මනීෂ 0
අතිරේක 13
එකතුව සියල්ලන් දැවී (ඕවර 72.3) 247
කඩුලු බිඳ වැටීම: 1-8, 2-168, 3-174, 4-181,
5-195, 6-210, 7-214, 8-239, 9-239, 10-247
පන්දු යැවීම: කල්දේරා 11-1-56-1, මාරසිංහ 13-2-45-1, තෙව්මික 21-8-37-2, දිනුර 6-0-47-0, මනීෂ 21.3-5-56-6
නිරෝෂාන් ප්‍රියංකර
The post කේෂණගේ ඉනිමෙන් එංගලන්තය ලකුණු 200 පසු කරද්දී ප්‍රවීන් මනීෂ ශ්‍රී ලංකා යොවුන් පිලේ ගෞරවය රැක දෙයි appeared first on දිනමිණ.