ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මේ අතර අද පස්වරුවේ මහනුවර නගරයට ඇදහැලුනු අධික වැසි සමග මහනුවර දුම්රිය ස්ථානය හා බෝගම්බර බස් නැවතුම ඉදිරිපිට මාර්ගය වැසි ජලයෙන් යටවී තිබේ.
මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ දොරටු 04ක් විවෘත කළ බව ලංකා මහවැලි අධිකාරිය පවසයි.
මධ්‍යම කඳුකරයට තද වැසි ඇදහැලීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර ඇත.
The post ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.