මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ කියයි.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ “පාතාලයේ හැම එකාම මදුෂ් ගිය තැනට යන්න සැරසියල්ලා” කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමමයි” යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් ඇඳ අලවා තිබී ඇත.
එහි යටින් පා.ව.බ යනුවෙන් සටහන් කර ඇති අතර එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් සහිත පෝස්ටර් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද අලවා ඇතැයි දැනගන්නට ඇත.
ඒ අනුව, එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ පොලිසි මගින් විමර්ශන කිරීමට කටයුතු ආරම්භකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසිය.
The post කොළඹ භීතියට පත්කරමින් ඇලවූ පාතාල පෝස්ටරය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.