සංචාරක ශ්රී ලංකා යොවුන් ක්රිකට් කණ්ඩායම සමඟ චෙල්ට්න්හැම්හිදී පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පෙරමුණ ගැනීමට එංගලන්තය යොවුන් පිල සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 153කට දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කරන එංගලන්ත පිල දෙවැනි දිනයේ සවස තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 303ක් රැස් කර තිබුණේ ලකුණු 150ක වාසියක් ද හිමි කර ගනිමිනි.
හම්සා ෂෙයික් ලකුණු 79ක් සහ රොකී ෆ්ලින්ටොෆ් ලකුණු 26ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. පළමු කඩුල්ලට ලකුණු 45ක් එක් කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ජේඩ්න් ඩෙන්ලි දෙවැනි කඩුල්ල ශ්රී ලාංකික සම්භවයක් සහිත ක්රීඩක කේෂණ ෆොන්සේකා සමඟ එක්ව ලකුණු 85ක සබඳතාවක් ගොඩනැඟීය. පන්දු 120කදී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 91ක් රැස් කළ ඩෙන්ලි දැවී යෑමෙන් දෙවැනි කඩුල්ලේ සබඳතාව නිමාවූ අතර, අනතුරුව කේෂණ නායක හම්ෂා ශෙයික් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 64ක් එක් කළේය. කේෂණ දැවී යන විට පන්දු 120කදී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 76ක් රැස් කර තිබිණි.
පන්දු යැවීමේදී දිනුර කළුපහන, විහස් තෙව්මික, මනුජ චන්තුක සහ ප්රවීන් මනීෂ කඩුල්ල බැගින් බිඳ දැමූහ.
අද තරගයේ තෙවැනි දිනයයි.
The post එංගලන්ත යොවුන් පිල පෙරට යයි appeared first on දිනමිණ.