කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ හතළිස් අට වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ දී නව තරගාවලි වාර්තා 3ක් බිහි කිරීමට ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී මීටර් 10,000 ඉසව්වේදී නැඟෙනහිර පළාතේ ඩබ්.ඒ.එම්. රසාරා විජේසූරිය වසර 29ක් පැරණි වාර්තාවක් අලුත් කිරීම කැපී පෙනුණු අතර, සෙසු නව තරග වාර්තා දෙක කාන්තා රිටි පැනීම හා කාන්තා කවපෙත්ත විසිකිරීමේදී එම ක්‍රීඩිකාවන් විසින්ම අලුත් කිරීමට සමත් වූහ.
තරගාවලිය ආරම්භ කරමින් පැවති මීටර් 10,000 කාන්තා තරගය මිනිත්තු 34:35.92කින් නිමා කරමින් රන් පදක්කම දිනාගත් රසාරා මේ ඉසව්වේ ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ද සටහන් කළාය. එහිදී ඇය මකා දැමුවේ 1995 වසරේ සබරගමුවේ පී.එස්.පී.එස්.එස්. ජයසේන මිනිත්තු 35:03.0 කින් පිහිටුවා තිබූ වාර්තාවය. එම ඉසව්වේ රිදී පදක්කම මධ්‍යම පළාතේ එම්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්. හේරත් (මි. 36:09.82) දිනාගත් අතර, ලෝකඩ පදක්කම සබරගමුවේ ඒ.එන්.එල්. ආරියදාසට (මි. 36:38.76) හිමි වූවාය.
කාන්තා රිටි පැනීමේ ඉසව්වේදී පසුගිය වසරේ පිහිටුවූ (මීටර් 3.50) තම වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට උතුරු පළාතේ එන්. දක්ෂිතා සමත් වූයේ ඊයේ මීටර් 3.51ක උසක් වාර්තා කරමිනි. පිළිවෙළින් එහි රිදී සහ ලෝකඩ පදක්කම් වී.ටී. වික්‍රමසේකර (බස්නාහිර මී. 3.40) සහ එස්. නිරුසිකා (උතුර මී. 3.30) දිනා ගත්හ.
කාන්තා කවපෙත්ත විසිකිරීම ඉසව්වේදී උතුරු මැද පළාතේ ඒ.ජී.වී.වී. ලක්මාල් මීටර් 45.50 දුරකින් නව තරග වාර්තාව පිහිටුවූ අතර, එහිදී ද ඇය විසින්ම පසුගිය වසරේ මීටර් 44.59කින් තබා තිබූ වාර්තාව මැකී ගියාය. බස්නාහිර පී.ඒ.අයි. මදුරංගි (මී. 40.29) සහ සබරගමුවේ එච්.ඒ.එම්. දිල්රුක්ෂි (මී. 39.71) රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
මේ අතර තවත් දින කිහිපයකින් ප්‍රංශයේදී ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා සිටින දිල්හානි ලේකම්ගේ ඊයේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක්වූ අතර, එහිදී ඇය මීටර් 51.69කින් රන් පදක්කම දිනා ගත්තාය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන තරගාවලියේ දෙවැනි දිනය වන අද (18) කාන්තා මීටර් 800 ඉසව්වෙන් තරග ආරම්භ වන අතර, පිරිමි මීටර් 800, පිරිමි රිටි පැනීම, හෙල්ල විසිකිරීම, දුර පැනීම හා මිටිය විසිකිරීම සමඟ මීටර් 200 කාන්තා හා පිරිමි, යගුළිය දැමීම කාන්තා අවසන් තරග පෙරවරුවේදී පැවැත්වේ.
පස්වරුවේදී කවපෙත්ත විසිකිරීම පිරිමි, දුර පැනීම කාන්තා, උස පැනීම පිරිමි, මීටර් 400 කඩුලු කාන්තා සහ පිරිමි සමඟ මීටර් 400 සහාය කාන්තා සහ පිරිමි අවසන් තරග පැවැත්වීමට නියමිතය.
පළමු දිනයේ අවසන් තරග ප්‍රතිඵල
මීටර් 10,000 (කාන්තා) – 1.ඩබ්.ඒ.එම්. රසාරා විජේසූරිය (නැඟෙනහිර මි. 34:35.92), 2. එම්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්. හේරත් (මධ්‍යම 36:09.82), 3. ඒ.එන්.එල්. ආරියදාස (සබරගමුව මි. 36:38.76)
රිටි පැනීම (කාන්තා) – 1. එන්. දක්ෂිතා (උතුර මී. 3.51), 2.වී.ටී. වික්‍රමසේකර (බස්නාහිර මී. 3.40), 3. එස්. නිරුසිකා (උතුර මී. 3.30)
මීටර් 5000 (පිරිමි) – 1. වී. වක්ෂන් (මධ්‍යම මි. 14:42.04), 2. හේමන්ත කුමාර (බස්නාහිර මි. 14:49.52), 3.පී.ඒ.ඩී. මදුරංග (සබරගමුව මි. 14:50.51)
හෙල්ල විසිකිරීම (කාන්තා) – 1. එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ (සබරගමුව මී. 51.69), 2. එච්.පී.ඩී.එච්. මධුවන්ති (ඌව මී. 49.98), 3. ඩී.එම්.අයි. හසන්ති (නැඟෙනහිර මී. 47.18)
තුන්පිම්ම (කාන්තා) – එච්.එම්.එන්.එම්. හේරත් (ඌව මී.13.08), 2. ඊ.එම්.එස්. උපේක්ෂා (බස්නාහිර මී. 12.80), 3. ජී.අයි.එස්. ලංකාතිලක (වයඹ මී. 12.25)
කවපෙත්ත විසිකිරීම (කාන්තා) – 1. ඒ.ජී.වී.වී. ලක්මාලි (උතුරු මැද මී. 45.50), 2. පී.ඒ.අයි. මදුරංගි (බස්නාහිර මී. 40.29), 3. එච්.ඒ.එම්. දිල්රුක්ෂි (සබරගමුව මී. 39.71)
මීටර් 100 සහාය (කාන්තා) – 1. බස්නාහිර (තත්. 47.30), 2. වයඹ (තත්. 47.67), 3.මධ්‍යම (තත්. 47.73)
මීටර් 100 සහාය (පිරිමි) – 1. දකුණු (තත්. 40.76), 2. බස්නාහිර (තත්. 40.82), 3. වයඹ (තත්. 41.16)
The post නැඟෙනහිර පළාතේ රසාරා මීටර් 10,000න් වසර 29ක පැරණි වාර්තාවක් බිඳ දමයි appeared first on දිනමිණ.