පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) සිට අනිවාර්ය නිවාඩු යැවූ බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කළ විධිමත් විනය පරීක්ෂණයට අගතියක් නොවීමේ අරමුණෙන් මෙම තීන්දුව ගත්තේ යැයි ජාතික පොලිස් කොමිසම නිවේදනය කර ඇත.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් මෙසේ ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
මූලික අයිතිවාසිකම් නඩුවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 ජනවාරි 12 වන දා ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මගින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලබා දී ඇති තීන්දුව ප්‍රකාරව මූලික විමර්ශනයක් සිදු කර ජාතික පොලිස් කොමිෂන් සභාව 2023.11.17 දිනැතිව ඔහුට චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත.
එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ඔහු පිළිතුරු ඉදිරිපත් කළේ යැයි ද ඒ අනුව, විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් කොමිසම තීරණය කළේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
The post ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.