ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති සියලුම සමීක්ෂණ වාර්තාවලින් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින්ද සිදු කරන ලද සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එම සමීක්ෂණය අනුව අනුර කුමාර දිසානායක මහතා දෙවන ස්ථානයේ පසුවන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන ස්ථානයේ පසුවන බවත් පැවසු ඔහු එනිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.
The post රෝ ඔත්තු සේවයේ සමීක්ෂණය ආවා.. සජිත් මීලග ජනාධිපති appeared first on Sri Raj News.