මැලේසියාව සමඟ ඊයේ පැවති ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ 11 වැනි තරගයෙන් ලකුණු 114ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.
මේ සමඟ එම කණ්ඩායම් දෙක මූලික වටය නිමා කළ අතර, බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් අවසන් පූර්ව වටයට පිවිසියේය.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස මැලේසියාවට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 77ක් පමණි.
එල්සා හන්ටර් රැස් කළ ලකුණු 20 මැලේසියා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර පන්දු යැවීමේදී නහිඩා අක්ටර් කඩුලු 2ක් දවා ගත්තාය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් මුර්ෂිඩා ඛාතුන් පන්දු 59කින් ලකුණු 80ක් රැස් කළ අතර, ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. නායික නිගාර් සුල්තානා වේගවත් ඉනිමක නිරත වෙමින් පන්දු 37කින් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර. දිලාරා අක්ටර් ලකුණු 33ක් ඉනිමට එක් කළාය.
The post දැවැන්ත ජයකින් බංග්ලාදේශයත් එයි appeared first on දිනමිණ.