කොළඹ විවේකානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කළ කිෂ් විවේකන්ස් ප්‍රිමියර් ලීග් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දෙමටගොඩ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මුවර්ස් පිටියේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී නයිට් රයිඩර්ස් හමුවේ ඇලකන්ද ජේ.ඩී. බෝයිස් ලකුණු 27කින් පරාජයට පත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 5 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 68ක් රැස් කිරීමට නයිට් රයිඩර්ස් සමත් වූ අතර, පිළිතුරු ලෙස ජේ.ඩී. බොයිස්ට කඩුලු 3ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 40ක් පමණි.
කණ්ඩායම් 21ක් එක් වූ මේ තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආර්. වේලුසාමි සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්වයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊස්වරන් බ්‍රදර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ගනේෂන් දේවනායගම් මහතා සහභාගි විය.
The post කිෂ් විවේකන්ස් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාව දෙමටගොඩ නයිට් රයිඩර්ස්ට appeared first on දිනමිණ.