2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම අද (26) පෙරවරුවේ ආරම්භ කෙරුනා.
ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් විය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ද අද (26) දහවල් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණා.
කෙසේ වෙතත් ඇප මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය මුදල් උන්වහසේ රැගෙන පැමිණ නොතිබූ බවයි වාර්තා වන්නේ.
ඒ, හේතුවෙන් අද (26) දිනයේ දී ඇප තැන්පත් කිරීමට උන්වහන්සේට හැකියාව නොලැබුණු අතර, එහිදී උන්වහන්සේ පැවසුවේ ලබන සඳුදා දිනයේ දී යළි පැමිණ ඇප මුදල් තැන්පත් කරන බවයි.
The post ජනපතිවරණයට ඇප තැන්පත් කරන්න සීලරතන හිමි සල්ලි නැතුව ඇවිත් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.