2024 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව, අගෝස්තු මස 15 වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව සඳහන් ය.
රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්රකාශයට පත්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පහළින් ,
The post ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.