නිමල් රාජපක්ෂ-=
මැලේසියාවේ Kuala Lampur සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් සතුව තිබී රුපියල් වටිනාකම රු. 4,339,071/විදේශීය සිගරැට් තොගයක් ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ විදෙස් සිගරට් කාටුන් 146ක තිබී සිගරැට් 29,200ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
අදාල කාන්තාව MH0179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ සිට මෙරටට ඊයේ (27) රාත්‍රියේ මෙරටට පැමිණි අතර ඇයගේ ගමන් බෑගයේ තිබු විදේශීය සිගරැට් තොගය කිසියම් හෙයකින් වෙළද පොලට ගියේ නම් රජයට රුපියල් 3,343,800/-බදු ආදායමක් අහිමි වන බවද සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගය රාජසන්තක කල අතර අදාල සැකකාරියට රුපියල් 100,000/ මුදලක් අයකර ගැනිමෙන් පසු නිදහස් කර ඇත.
The post චින කතගේ ගමන් බෑගයෙන් ලක්ෂ ගණනක සිගරැට්.. appeared first on Sri Raj News.