නිමල් රාජපක්ෂ-
ඩුබායි සිටEK650 දරණ ගුවන් යානයෙන් අද සවස 7ව.30 ට පමණ මෙරටට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබී රුපියල් 4,097,253 වටිනා මෙ න්චෙස්ටර් වර්ගයේ සිගරට් 24000 ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු නිළධාරීන් සමත්විය.
මෙම සැකකරු කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු.4,097,253 ක් පමන වේ. යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,541,896 ක් පමන වන බව ගණනය කර ඇතැයි .අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
1999 අංක 8 දරණ දුම්කොල බදු පනත හා 2004 අංක 9 දරණ සංශෝධිත දුම්කොල බදු පනතට අනුව මෙරටට නිසි බලපත්‍රයක් නොමැතිව දුම්කොල අඩංගු දුම්වැටි හෝ එහි නිශ්පාදන ගෙන ඒම තහනම් වන අතර නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කර ඇත.
The post ලක්ෂ ගණනක සිගරැට් තොගයක් කටුනායකදි අත්අඩංගුවට appeared first on Sri Raj News.