ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගත් චමරි අතපත්තු ප්රමුඛ කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 500,000ක් හෙවත් රුපියල් කෝටි 15ක ත්‍යාග මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
පසුගිය ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී 7 වරක් ශූරතාව දිනාගත් ඉන්දීය පිල කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූයේ තරගාවලියේ අපරාජිතයන් ලෙසිනි. මේ තරගාවලියේ කාන්තා කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් අගය කිරීමත්, ඔවුන්ගේ අපරිමිත කැප කිරීම් සහ කණ්ඩායම් හැඟීමත් අගය කරමින් මේ ත්‍යාග මුදල පිරිනැමීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
The post ආසියානු ශූරියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 15ක මුදල් තෑගි appeared first on දිනමිණ.