ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් අද (31) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සහාය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ වාර්තා කළේය.
The post ජනපතිගේ සහායට තවත් 116ක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.