සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
විපක්ෂ නායකවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (31) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බවයි, වාර්තා වන්නේ.
එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය ජී. එල් . පීරිස්, මුජිබර් රහුමාන්, මහාචාර්ය චරිත හේරත්, එස්. එම්. මරික්කාර් ඇතුලු පිරිසක් එක්ව සිටි බවද වාර්තා වේ.
The post ජනපතිවරණය සඳහා සජිත් ඇප මුදල් තැන්පත් කරයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.