ඉන්දියාවේ තෙලංගානා සංචාරක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විචිත්‍රවත් උත්සවයක් වන තෙලංගානා ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා ශ්‍රී ලංකා උරුම සරුංගල් සංවිධානය (හෙරිටේජ් කයිට්ස් ශ්‍රී ලංකා) සිය සහභාගිත්වය සනිටුහන් කළේය. ගෝලීය වසංගත COVID 19න් පසු කෙටි විරාමයකින් අනතුරුව මෙම උළෙලට ඔවුන් සහභාගි වූ අතර එය එම සැණකෙළිය සඳහා ඔවුන්ගේ සිවු වැනි සහභාගිත්වයයි.
හයිද්‍රාබාද්හි පැරඩ් පිටියේ පැවැති මෙම උත්සවයට විවිධ රටවල් 15ක පමණ ජාත්‍යන්තර වෘත්තීය සරුංගල් යවන්නන් 40ක් පමණ සහභාගි විය. ඉන්දුනීසියාව, ස්විට්සලර්න්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, කාම්බෛා්ජය, තායිලන්තය, කොරියාව, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව, ඉතාලිය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සහභාගි වූ රටවලට ඇතුළත් විය. දක්ෂ ඉන්දීය සරුංගල් යවන්නන් 50ක් පමණද එහිදී ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කරන ලදී. සාම්ප්‍රදායික සරුංගල්, බැලුන් සරුංගල්, ස්ටන්ට් සරුංගල්, ඩෙල්ටා සරුංගල්, රාත්‍රි සරුංගල්, තනි සහ බහු නූල් සරුංගල් වැනි විවිධ ප්‍රභේද සහ මෝස්තරවලින් යුත් සරුංගල් හයිද්‍රාබාද් අහස අලංකාර කළේය.
හෙරිටේජ් කයිට්ස් ශ්‍රී ලංකාහි සරුංගල් යවන්නන්ගේ කණ්ඩායම පසුගිය වසර 15 පුරා ජාතික හා ජාත්‍යන්තර සරුංගල් ඉසව් රැසක් සංවිධානය කර ඇති අතර විවිධ ජාතික සහ ජාත්‍යන්තර ඉසව් සඳහාද සහභාගි වී ඇත. එහි සභාපති තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ ලේකම් ශිරෝමි සමරකෝන් විසින් තෙලංගානා ජාත්‍යන්තර සරුංගල් උළෙලේදී ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සරුංගල් වන නයා, මොනරා, කොම්බුව, වවුලා, කුඩය ඇතුළු සරුංගල් 30ක් පමණ ප්‍රදර්ශනය කරන ලදී. එයට අමතරව නිර්මාණාත්මක සරුංගල් ද ඉදිරිපත් කරන ලද අතර මෙම සරුංගල් ශ්‍රී ලංකාවේ අපූවර්ත්වය, යුනෙස්කෛා් උරුම ස්ථාන, සාම්ප්‍රදායික වෙස් මුහුණු කර්මාන්තය, සාම්ප්‍රදායික සිතුවම් සහ මහා රාවණා ඇතුළු ශ්‍රී ලංකාවේ උරුමයන්හි විවිධ අංග අලංකාර ලෙස නිරූපණය කළේය.
තෙලංගානා ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සරුංගල් යැවීම පමණක් නොව ලොව පුරා සරුංගල් ලෝලීන් එක්රැස් කරමින් සරුංගලය හරහා සංස්කෘතික හුවමාරුවක් බවටද පත්විය. එයට අමතරව එම ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය උදෙසා සිදුකරන ප්‍රධාන ඉසව්වක් ලෙසටද ඔවුන් මෙම සැණකෙළිය හ¾දුනාගෙන ඇත. හෙරිටේජ් කයිට්ස් ශ්‍රී ලංකා සමඟ ඔවුන් අනාගතයේදීත් අත්වැල් බැඳගනු ඇත.
The post ‘හෙරිටේජ් කයිට්ස් ශ්‍රී ලංකා’ සරුංගල් සංවිධානය 2024 තෙලංගානා ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට appeared first on මව්බිම.