භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීම සඳහා මුදල් අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ සහෝදරයා සහ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීම සඳහා යි.
ඒ අනුව මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරුගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා සැකකරු රාජ්‍ය ඇමතිගේ ලේකම් විසින් රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම් ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ලංකා බැංකු නගර ශාඛාව ඉදිරිපිට දී මුදල් ලබාගනිමින් සිටියදීයි.
මෙම පැමිණිල්ල කළ ව්‍යාපාරිකයා පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බව ද වාර්තා වනවා.
මීට පෙර ද රාජ්‍ය ඇමති වියලේන්ද්‍රන්ගේ තවත් සහෝදරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
The post අල්ලස් ගැනීමේ සිද්ධියකට රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙක් සහ ලේකම්වරයෙක් අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.