මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.
ඒ අනුව, මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ, පාර්ශව රැසක් සමග සාකච්ඡා කර අදාළ සංශෝධන ඉදිරිපත් කර ඇති බවයි.
එම ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න,
The post ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.