ශ්රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ සුපර්ලීග් ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සමත් විය.
පනාගොඩ යුධ හමුදා ජනපද ගෘහස්ථ ක්රීඩාංගණයේදී යුද හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ මහතාගේ ප්රධනත්වයෙන් පැවති තරගාවලියේ අවසන් තරගයේදී ශ්රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම හමුවේ ශ්රී ලංකා යුධෝපකරණ බළකා කණ්ඩායම වට 3-2ක් ලෙස පරාජය විය.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩි පී.එම්.එස්. කැළුම්රත්නත්, දක්ෂතම ප්රහාරකයා ලෙස ශ්රී ලංකා යුධෝපකරණ බළකායේ කෝප්රල් කේ. කලෛයි චෙල්වම් සම්මාන දිනාගත්හ.
මේ වසරේ තරගාවලිය පිරිමි කණඩායම් 19ක් සහ කාන්තා කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පවත්වන ලද අතර, සමස්ත තරගාවලිය පිරිමි සුපර්ලීග් සහ‘ ඒ’ කොටසේ තරග ලෙස තරගාවලි 2ක් සහ කාන්තා ආධුනික තරගයක්ද පැවැත්විණි.
‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ ශූරතාව ශ්රී ලංකා යුද හමුදා සේවා බළකා කණ්ඩායම ද, අනුශූරතාව ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු කණ්ඩායමද හිමිකර ගත් අතර, කාන්තා ආධුනික තරගාවලියේ ශූරතාව ශ්රී ලංකා යුද හමුදා පොදුසේවා බළකා කණ්ඩායම සහ අනුශූරතාව ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකාය හිමි කර ගත්තේය.
The post යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාව කාලතුවක්කු හමුදාවට appeared first on දිනමිණ.