ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක් වී තිබේ.
ඔහු මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.
තිලකරත්න මහාතාට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්වූවාය.
ඒ අනුව, ඔවුන් අද (05) පෙරවරුවේ සිය සහාය පළ කරමින් සජබෙ නායක හා වත්මන් විපක්ෂ නායකවරයා ව හමු වී සාකච්ඡා කර තිබේ.
The post හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජබට එක්වෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.